ඉන්දි­යාව ලකුණු 149ක් පසු­ප­සින්

සංචා­රක නව­සී­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යම සමඟ ඊයේ වන්කඩේ ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වූ තෙවැනි සහ අව­සන් ටෙස්ට් තර­ගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දි­යාව පළමු දින­යට තර­ගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 86ක් රැස් කර තිබිණි.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් නව­සී­ල­න්තය පළමු ඉනිම වෙනු­වෙන් ලකුණු 235ක් රැස් කළ අතර, ඒ අනුව කඩුලු 6ක් අතැ­තිව සිටින ඉන්දීය පිල නව­සී­ලන්ත පළමු ඉනි­මට වඩා ලකුණු 149ක් පසු­ප­සින් සිටී.

ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 31ක් රැස් කර කඩුල්ලේ රැඳී සිටි අතර, නායක රෝහිත් ශර්මා (18), යෂස්වි ජයි­ස්වාල් (30), විරාට් කෝලි (4) සහ සැඳෑ ආර­ක්ෂ­කයා ලෙස පිටි­යට පිවිසි මොහො­මඩ් සිරාජ් (0) වේලා­ස­නින්ම යළි ක්‍රීඩා­ගා­රයේ අසුන් ගත්හ. අද තර­ගයේ දෙවැනි දින­යයි.