ආසියා පැසි­ෆික් කලා­පයේ ආර­ක්ෂා­වට ජපා­න­යෙන් නව මිස­යි­ල­යක්

ආසියා පැසි­ෆික් කලා­පයේ චීනය සමඟ උද්ගත වී ඇති උණු­සුම් වාතා­ව­ර­ණ­යට මුහුණ දීම සඳහා ජපාන සිය ආර­ක්ෂක තත්ත්වය ඉහළ දැමීමේ අර­මු­ණින් යුද නෞකා­ව­ලට එරෙහි දුර දිගු මෙහෙ­යුම් මිස­යි­ල­යක් නිෂ්පා­ද­නය කිරී­මට සැල­සුම් කර ඇතැයි ඒෂියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. එම නව මිස­යි­ලයේ පළමු අත්හදා බැලීම වසර 2027 දී සිදු කිරී­මට නිය­මිත බවත්, මේ වන ­විට සෙන්කකු දූපත් සමූ­හය පිළි­බඳ චීනය සමඟ අර්බු­ද­යක් පැවැ­තීම එම මිස­යි­ලය නිෂ්පා­ද­නය කිරී­මට හේතු වී ඇතැයි ද ඒෂියා ටයිම්ස් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

නව මිස­යි­ලයේ නිෂ්පා­දන, පර්යේ­ෂණ හා සංව­ර්ධන කට­යුතු වසර 2023 සිට 2027 කාල­සී­මාව තුළ සිදු කිරී­මට ජපාන රජය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 223ක් වෙන් කර ඇතැයි ද, ඒ සඳහා ජපා­නයේ ආර­ක්ෂක ඇමැ­ති­ව­ර­යාගේ පූර්ණ අනු­මැ­තිය ලැබී තිබූ බව ද වාර්තා වේ. කිලෝ­මී­ටර් 2,500ක දුර­කට එල්ල කිරීමේ හැකි­යාව ඇති නව මිස­යි­ලය බට­හිර ජපා­නයේ සිට චීන­යට එල්ල කිරි­මට හැකි­යාව ඇතැයි ද ඒෂීයා ටයිම්ස් පුවත් සේවය සඳ­හන් කළේය.