ජාත්‍ය­න්තර ත්‍රස්තවාදීහු දෙදෙ­නෙක් පන්ජා­බ­යේදී අත්අ­ඩං­ගු­වට

ඉන්දි­යාවේ ප්‍රබල පාතාල නාය­ක­යකු වන ලෝරන්ස් බිෂ්නු කල්ලිය හා සම්බ­න්ධතා පැවැත්වූ බව කියන අමෙ­රි­කාව කේන්ද්‍ර කර­ ගත් බාබර් කාල්සා ජාත්‍ය­න්තර සංවි­ධා­නය හෙවත් බීකේ­අයි ත්‍රස්ත සංවි­ධා­නයේ සාමා­ජි­ක­යන් දෙදෙ­නකු පන්ජාබ් පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය සැප්තැ­ම්බර් මාස­යේදී මොහාලි දිස්ත්‍රි­ක්කයේ සිදු වූ වෙඩි තැබීමේ සිදු­වී­මට මේ දෙදෙනා සම්බන්ධ බවට තොර­තුරු හෙළි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුර­ටත් වාර්තා කළේය.

එම වෙඩි තැබී­මට පසු දින­යේදී ද සැක­ක­රු­වන් තිදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පන්ජාබ් පොලි­සිය සමත්වී ඇති අතර, පිස්තෝල දෙකක් ද ඔවුන් සතුව තිබූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ විදෙස් ශ්‍රමි­ක­යන් පුහුණු කිරීමේ මධ්‍ය­ස්ථා­න­ය­කදී බවත්, එහි හිමි­ක­රු­ගෙන් ඉන්දීය රුපි­යල් කෝටි­යක කප්ප­මක් ඉල්ලා වෙඩි ප්‍රහා­රය එල්ල කර ඇති බවත් පන්ජාබ් පොලි­සිය වාර්තා කළේය.