දකුණු අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වන බොට්ස්වානා හි පසුගියදා පැවැති මහමැතිවරණයෙන් පාලක පක්ෂය වන බොට්ස්වානා ප්රජාතන්ත්රවාදි පක්ෂය අන්ත පරාජයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 1966 සිට අඛණ්ඩව එරට පාලනය කරන බොට්ස්වානා ප්රජාතන්ත්රවාදී පක්ෂය මෙවර මහමැතිවරණයෙන් පරාජයට පත්වූයේ වසර 58කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. දියමන්ති ආකර සඳහා ලොව ප්‍රකට රාජ්‍යය වන බොට්ස්වානාහි පාලක පක්ෂය මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ආසන 4ක් පමණක් බවත්, නව රජය පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාවක් ප්රජාතන්ත්රවාදී වෙනසක් සඳහා වන යූඩීසී පක්ෂයට ලැබී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
තම පක්ෂය දරුණු පරාජයක් අත්කර ගත් බව බොට්ස්වානා රාජ්‍යයේ ජනාධිපති මොක්ග්වීට්සි මසීසී මැතිවරණයෙන් පසු ප්‍රකාශ කර ඇති අතර, මැතිවරණ ප්‍රතිඵල පිළිගනිමින් නව රජයට සුබ පතන බව ද ප්‍රකාශ කර තිබේ.