රාජ්‍ය ආය­තන 22කින් අල්ලස් ගත් නිල­ධා­රින් පසු­ගිය වස­රේදී කොටුවෙලා

අල්ලස් ලබා ගත් රාජ්‍ය ආය­තන 22ක නිල­ධා­රීන් පසු­ගිය වස­රේදී අල්ලස් කොමි­ෂන් සභා­වට කොටුවී තිබේ.

පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව, අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය, පාරි­භෝ­ගික සේවා කට­යුතු අධි­කා­රිය, පළාත් පාලන කොම­සා­රිස් කාර්යා­ලය, ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය, ජාතික ජල සම්පා­දන හා ජලා­ප්‍ර­වා­හන මණ්ඩ­ලය, ඉඩම් කොම­සා­රිස් කාර්යා­ලය, ප්‍රාදේ­ශීය ඉංජි­නේරු කාර්යා­ලය, අධි­ක­රණ හා නීති ප්‍රති­සං­ස්ක­රණ අමා­ත්‍යාං­ශය, නගර සභා, ප්‍රාදේ­ශීය සභා, ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුව, වන සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව, සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය, නැඟෙ­න­හිර පළාත් මගී ප්‍රවා­හන අධි­කා­රිය, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල, ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව, මහ­වැලි අධි­කා­රිය, සමෘද්ධි අධි­කා­රිය, භූවිද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශය, අධි­ක­රණ සේවා කොමි­ෂන් සභාව, මධ්‍යම පරි­සර අධි­කා­රිය යන රාජ්‍ය ආය­ත­න­වල නිල­ධා­රීන් අල්ලස් ලබා ගැනී­ම්ව­ලදී පසු­ගිය වස­රේදී කොටුවී ඇත.

මෙම කාලය තුළ වැට­ලීම් සඳහා පැමි­ණිලි 73ක් ලැබී ඇති අතර එයින් සාර්ථක වූ වැට­ලීම් ගණන 43කි. එසේම වැට­ලීම් 04ක් කල් දමා ඇත. සාර්ථක වූ වැට­ලී­ම්ව­ලින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇති ගණණ 57කි. අල්ලස් ලබා ගන්නා අව­ස්ථා­වේදී ඔවුන්ව අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

එසේ අත්අ­ඩං­ගු­ව­ට­ගත් අය අතර වැඩි­පු­රම සිටින්නේ පොලිස් නිල­ධා­රීන්ය. එම ගණන 16කි. පොලිස් පරී­ක්ෂ­ක­වරු 02ක්, උප පොලිස් පරී­ක්ෂ­ක­වරු 02ක්, පොලිස් සැර­ය­න්වරු 07 ක්, පොලිස් කොස්තා­ප­ල්වරු 05ක් වශ­යෙන් අත්අ­ඩං­ගු­වට පත්ව ඇත.

මේ හැරුණු කොට ප්‍රදේ­ශීය සභා­වක හිටපු සභා­ප­ති­ව­ර­යෙක්, විදු­හ­ල්ප­ති­ව­ර­යෙක්, පාරි­භෝ­ගික සේවා කට­යුතු අධි­කා­රියේ විම­ර්ශන නිල­ධා­රි­යෙක්, ප්‍රාදේ­ශීය සභා­වක ලේක­ම්ව­ර­යෙක්, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක්, මධ්‍යම පරි­සර අධි­කා­රියේ සභා­ප­ති­ව­ර­යෙක් , භූවිද්‍යා සමී­ක්ෂණ හා පතල් කාර්යාං­ශයේ කැණීම් ඉංජි­නේ­රු­ව­ර­යෙක්, ක්වාසි විනි­සු­රු­ව­ර­යෙක්, ග්‍රාම නිල­ධා­රි­යෙක් ඇතුළු 57 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගත් අය අතර සිටිති.

පොලි­සි­යට පසු වැඩි­යෙන්ම අල්ලස් ගැනී­ම්ව­ලදී කොටුවී ඇත්තේ ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව හා සම්බන්ධ වැට­ලී­ම්ව­ල­දීය. එම ගණන 05කි. එයින් තිදෙ­නෙක්ම සිවිල් පුද්ග­ල­යන්ය. ඊට පසු වැඩි­යෙන්ම අල්ලස් ගැනීම් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ ශ්‍රී ලංග­මයේ අයයි. එම ගණන 04කි.