පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනයේත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුවූ බව මැතිවරණ කොමිසම පවසයි.
ඊයේ පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා රාජ්‍ය ආයතනවලදී ඒ සඳහා පහසුකම් සලසා තිබුණි.
මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 7,38,000කට අධික විය.
ලබන 4 වැනිදා අනෙකුත් රජයේ නිලධාරින්ට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා වෙන් කර ඇත.
තැපැල් ඡන්දය නිරීක්ෂණයට නිරීක්ෂකයෝ 1000ක් යෙදවීමට පැෆ්රල් සංවිධානය පියවර ගෙන තිබුණි.