චීනයෙන් රු. මිලියන 400ක මානුෂීය ආධාර

ශ්‍රී ලංකා – චීන මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් රුපියල් මිලියන 400ක් වටිනා මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය පියවර ගෙන තිබේ.

පසුගිය දිනවල මෙරට ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් එම ආධාරය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පසුගිය 22 වැනිදා ද චීන රජය රුපියල් මිලියන 30ක (අමෙරිකානු ඩොලර් 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කළේය. එම රුපියල් මිලියන 30ක ආධාරයට අමතරව මෙම ආධාරය ශ්‍රී ලංකාවට ලබා දුන් බව ද එම තානාපති කාර්යාලය කියයි.