දැනුම් පර­ත­රය අවම කිරී­මට පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන්ට සහාය වීමට කැප­වෙ­නවා-ජාත්‍ය­න්තර පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­යේදී අග­මැ­තිනි හරිනි කියයි

දැනුම් පර­ත­රය අවම කිරී­මට මෙන්ම රට පුරා නවෝ­ත්පා­දන පෝෂ­ණය කිරී­මට පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන්ට සහාය වීමට තම රජය කැප වී සිටින බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙ‍ෙණ­විය පැවැ­සූ­වාය.

‘‘පුස්ත­කාල සේවා නවී­ක­ර­ණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමි­ණීම-අභි­යෝග සහ අවස්ථාÓමැයෙන් ජාත්‍ය­න්තර පර්යේ­ෂණ සම්ම­න්ත්‍ර­ණ­ය­කට කොළඹ දී එක්වෙ­මින් අග­මැ­ති­නිය මේ බව සඳ­හන් කළාය.

අග­මැ­ති­නිය වැඩි­දු­ර­ටත් මෙසේද පැවැ­සූ­වාය.

ඔබ පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන් පම­ණක්ම නොවෙයි. දැනුම් සම්භා­ර­යක භාර­ක­රු­වන් සහ ආර­ක්ෂ­ක­යන් වගේම අපගේ ඩිජි­ට­ල්ක­ර­ණය වන අනා­ග­තයේ මෙහෙ­යු­ම්ක­රු­වන් පිරි­සක්ද වන බව අග­මැ­ති­නිය කීවාය. එසේම ඩිජි­ටල් ප්‍රවේ­ශය ප්‍රග­ම­නය කිරී­මේදී පුස්ත­කාල සහ පුස්ත­කා­ල­යා­ධි­ප­ති­ව­රුන්ගේ ප්‍රධාන කාර්ය­භා­රය පිළි­බ­ඳව ද අග­මැ­ති­නිය අව­ධා­ර­ණය කළාය.

දැනුම සඳහා ප්‍රවේ­ශය ප්‍රජා­ත­න්ත්‍රී­ක­ර­ණය කිරීම සහ සීමා­ස­හිත සම්පත් සහ සැක­සුම් තුළ ධාරි­තාව ගොඩ­නැ­ඟීම කෙරෙහි අව­ධා­නය යොමු කර­මින් ශ්‍රී ලංකාවේ පුස්ත­කාල සේවා නවී­ක­ර­ණය කිරී­මට කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ හැකි­යාව මේ සම්ම­න්ත්‍ර­ණ­යේදී ගවේ­ෂ­ණය කෙරිණි.