ගත වූ මාස තුනට වාහන 5000ක් ලීසිං සමා­ගම් බලෙන් අත්පත් කරගෙන-මගෙන් රටට සංවි­ධා­නය

ගත වූ මාස තුනක කාලයේ රථ­වා­හන පන්දා­හක් බල­හ­ත්කා­ර­යෙන් ලීසිං සමා­ගම් විසින් අත්පත් කර­ගෙන ඇතැයි “මගෙන් රටට සංවි­ධා­නයÓ අනා­ව­ර­ණය කරයි.

මෙලෙස ඉතා අසා­ධා­රණ ලෙස ලීසිං සමා­ගම් විසින් රථ­වා­හන බල­හ­ත්කා­ර­යෙන් අත්පත් කර ගැනීම වහාම නතර කිරී­මට අවශ්‍ය පිය­වර ගන්නැයි ඔවුන් රජ­යෙන් ඉල්ලී­මක් කරයි.

කොවිඩ් ව්‍යස­නය, ආර්ථික බිඳ වැටීම්, පාස්කු ඉරිදා ප්‍රහා­රය වැනි හේතු නිසා බිඳ වැටුණු ව්‍යාපාර හිමි­යන් ලීසිං පහ­සු­කම් යටතේ ලබා­ගත් වාහන මෙලෙස නිය­මිත වාරික සහ පොලිය ගෙවීම අත­ප­සු­වීම නිසා අත්පත් කර ගැනීම අසා­ධා­රණ බව ද එම සංවි­ධා­නයේ සභා­පති සංජය මහ­වත්ත මහතා ප්‍රකාශ කරයි. මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් ඔහු මෙසේද කියා සිටියි.

අපේ රටේ දැනට ක්‍රියා­ත්මක ලීසිං සමා­ගම් සිය­ල්ලම පාහේ වාහන හිමි­යන්ගේ රථ­වා­හන අත්පත් කර ගැනීමේ කට­යුතු සිදු කර­මින් සිටී. ඔවුන් එලෙස කට­යුතු කරන්නේ සිත් පිත් නැති අයු­රිනි.

වසර දෙද­හස අංක 56 දරන ලීසිං පනත යටතේ ලීසිං නොගෙන වාහ­න­යක් අත්පත් කර­ගත හැක්කේ හිමි­ක­රුගේ කැමැත්ත මත පමණි. එසේ තිබි­ය­දීත් හිමි­ක­රුගේ කැමැත්ත නැතිව වාහන අත්පත් කර­ගැ­නීම සිදු­ක­රයි. ඒවා සති දෙකක් තුළ නැවත වෙන්දේසි කරයි. එම වෙන්දේසි කාල­යේදී වාහනේ වටි­නා­කම අඩු කරයි. වාහ­නයේ වටිනා දේවල් ගලවා ඉවත් කරයි. එමෙන්ම වාහ­න‍ෙය් සැබෑ වටි­නා­ක­මට වඩා අඩු මුද­ලක් තක්සේරු කරයි. මෙලෙස අඩු වටි­නා­ක­මක් තක්සේරු කළ වාහන වෙන්දේ­සියේ දී තම හිත­ව­තුන්ට ලබා­දෙයි. සැබෑ හිමි­ක­රු­වන්ට වෙන්දේ­සි­යට ඉදි­රි­පත් වීමට අව­ස්ථාව ලබා නොදෙයි.

මේ ආකා­ර­යට ලීසිං ක්‍රම­වේ­දය යටතේ වාහ­න­යක් ලබා­ගත් අයෙ­කුට, නිසි පරිදි එම මුදල් ආපසු ගෙවී­මට අප­හසු වී තිබේ නම් ඔවුන්ට සානු­ක­ම්පි­තව සලකා බලා සහන සැල­සිය යුතු බව සංජය මහ­වත්ත මහතා කියයි.