නව චින්තන පෙරළියකට දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු – ජනපති
ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු’ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපාවලි සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමත්හු මහත් භක්තියෙන් දීපාවලි උත්සවය සමරති.
නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අතපත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්‍රී ලාංකේය ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටිති. මේ වනාහි වසර ගණනාවක ජනතා අපේක්ෂා ඵල දැරීමකි. මෙතෙක් කල් ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයන් විසින් යටපත් කරන ලද ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වෙන පුනරුද යුගය අපි දැන් ආරම්භ කර ඇත්තෙමු.
දීපාවලි සැමරුමට පාදක වූ පුරාවෘත්ත කිහිපයක්ම පවතියි. වසර 14ක වනවාසය අවසන් කර රාම රජු, සීතා හා ලක්ෂ්මී ද කැටුව අයෝධ්‍යා පුරයට යළි පැමිණීම, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් වූ ක්‍රිෂ්ණා නරකාසුර නමැති අසුරයා පරාජය කිරීම ආදිය ඒ අතර වේ. එම සිදුවීම් සිහිපත් කරමින් හින්දු බැතිමත්හු දීපාවලි උත්සවය සමරති.
අවිද්‍යාවේ ගනඳුර පලවා හරින්නට හැකි වන්නේ විද්‍යාවේ ආලෝකයට පමණි. ප්‍රඥාවේ දීපාවලිය දල්වමින් ශ්‍රී ලාංකිකයන් ලෙස නව චින්තන පෙරළියක් සඳහා වූ මඟකට පිවිසීමට මෙවර දීපාවලි උත්සවය අගනා නිමිත්තක් කර ගනිමු’ යැයි මම සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමි.
සංස්කෘතික විවිධත්වයේ අලංකාරය අගයමින්, එකිනෙකා කෙරෙහි ගරුත්වය, පිළිගැනීම හා සහෝදරත්වයේ දෑත දිගු කරමු. බෙදා වෙන් කර දුර්වල කරන්නට තැත් කළ ශ්‍රී ලාංකේක ජාතිය නොබෙදී සවිමත්ව සිට ගැනීමට කාලය පැමිණ ඇත. අසාධාරණය, වෙනස් කර සැලකීම්, ආන්තීකරණය, වෛරී ප්‍රකාශ හා ප්රචණ්ඩත්වය ආදිය මුලිනුපුටා දමමින් සමාජය අසම ඡේදනය කරන, වරප්රසාදලාභීන් හා වරප්‍රසාද අහිමි වූවන් නිර්මාණය කරන දේශපාලන සංස්කෘතියට නැවතුම් තිත තැබීමට අපි පෙරමුණ ගනිමු.
එලෙස සහකම්පනීය හා විචාරශීලී නව සංස්කෘතික පැවැත්මක් නිර්මාණය කර ගැනීමට සියලු ජනතාවටද මම ආරාධනා කරමි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් පිළිබඳ අපගේ අපේක්ෂාව යථාවට නැඟීමට නම් මේ සංස්කෘතික, දේශපාලනික හා ආකල්පීය පරිවර්තනය අත්‍යවශ්‍ය බව මේ දීපාවලියේ දී මම අවධාරණය කරමි.
දීපාවලි දිනයේ සෑම නිෙවසකම, නගර මුළුල්ලේම දැල්වෙන දහස් ගණනක පහන් ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත්සතන්වල සුහදත්වයේ හා ප්‍රඥාවේ ආලෝකය පැතිරේවා’යි ප්‍රාර්ථනය කරමින් සමස්ත ලෝකවාසී සහ ශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන්ට දීපාවලි සැමරුම් දින සුබපැතුම් එක් කරමි.
සියලු දෙනාට නිදහස සහ අයිතිවාසිකම් අත්විඳිය හැකි ලොවක් ගොඩනැඟීමට කැපවෙමු – අගමැතිනි
සෑම කෙනකුටම නිදහස, ගෞරවය සහ අයිතිවාසිකම් අත්විඳිය හැකි ලෝකයක් ගොඩනැඟීමට නැවත නැවතත් කැපවී ක්‍රියා කරන දීපාවලි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙෙණවිය සඳහන් කරයි.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ අපගේ ප්‍රතිපත්තියෙන් අපේක්ෂා කරන පරිදි අපගේ සාමූහික ඉලක්කය වන්නේ කිසිවකු අත්නොහැරෙන බව සහතික කරමින් සියලු දෙනාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම බව අගමැතිනිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
ක්රිෂ්ණ දෙවියන් විසින් නරගාසුරන් නමැති යක්ෂයා යටත් කර ගැනීම උත්කර්ෂවත් ලෙස සැමරීමට හින්දු බැතිමතුන් දීපාවලි දිනය සමරති. ශ්‍රී ලාංකීය හින්දු බැතිමතුන් තම නිවෙස්වල පහන් දල්වා මේ උත්සවය සමරන්නේ අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමි.
මේ උත්සවයේ ආලෝකය අපගේ නිවෙස් ආලෝකවත් කරනවා පමණක් නොව අපගේ හදවත්වල යුක්තිය, දයාව සහ සහයෝගීතාව පිළිබඳ ගැඹුරු හැඟීමක් දල්වයි. අඳුර පරදවා ආලෝකයේ ජයග්‍රහණය සමරන මේ දීපාවලි දිනයේදී සමාජයීය අසමානතාවන්ට, අයුක්තියට සහ බැහැර කිරීමට එරෙහිව අඛණ්ඩ අරගලයන්හි නිරත වන සියල්ලන්ටම අපේ ගෞරවය හිමිවිය යුතුය.
දීපාවලි දිනයේ එය සමරන සෑම අයකුගේම ජීවිතයට ආලෝකය, ප්‍රීතිය සහ නවතාවන් ගෙන එනු ඇත. අද දීපාවලි උත්සවය සමරන ඔබ සැමට ඉතා ප්‍රීතිමත්, අර්ථවත් සහ සාමකාමී දීපාවලි උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමු.
හින්දු වැසියන් සමරන දීපාවලිය නපුරට එරෙහි යහපත ස්ථාපිත වූ දිනයයි – ඇමැති විජිත හේරත්
නපුරට එරෙහිව යහපත,නොදැනුවත්කමට එරෙහිව නව බුද්ධි ප්රබෝධයක් ස්ථාපිත වූ දිනය වශයෙන් හින්දු ජනතාව උත්සවශ්‍රීයෙන් මේ උත්සවය සමරන බව මූලාශ්රවල සඳහන් වන බව දීපාවලී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇමැති විජිත හේරත් මහතා පවසයි.
ආධ්‍යාත්මික අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය,අයහපතට එරෙහිව යහපත අසාධාරණයට එරෙහි සාධාරණත්වය ඇති කළ දිනය සැමරීම දීපාවලී දිනයේ තේමාව බව ඇමැතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
හින්දු සහෝදර සහෝදරියන් දීපාවලී උත්සවය සමරනු ලබන්නේ තිරුමාල්,තිරුමා සමඟ නරකාසුරන් නමැති මාරාන්තික යක්ෂයා පරාජය කළ දිනය සැමරීම සඳහා වේ.
‘පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්’තේමා කරගත් නව පුනර්ජීවනයක් කරා පියනඟන දැයක් නිර්මාණය කිරීමේ විශිෂ්ට මෙහෙවරේ දී දීපාවලී ඉහත
සඳහන් තේමාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් බව ද මෙහිලා සතුටින් සඳහන් කරමි.