නවසීලන්තයේ ෆෑන් ෆැසිපික් රෑන්ග් රොක් ප්‍රෝ ඒ.එම්. කායවර්ධන තරගාවලයේදී ශ්‍රී ලංකාව නියෝජනය සාරා වෙරළවිතාන පදක්කම් දෙකක් දිනා ගැනිමට සමත් වූවාය. ලෝක යෝග්‍යතා සම්මේලනයේ මෙහෙයවීමෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඉකුත්දා පැවති තරගාවලියේදී සාරා ස්පෝර්ට්ස් මොඩ්ල් සහ ප්‍රෝ මොඩ්ල් යන අංශ දෙකෙන්ම තරග කර එහි ශූරතා දිනා ගත්තාය. ජයග්රහණයෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇය පිළිගැනීමට විශාල පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.