බංග්ලාදේශයේ නිදහස් අරගලයේ ඉතිහාසයේ වැදගත් සංධිස්ථාන ඇතුළු ජාතික මට්ටමේ නිවාඩු දින රැසක් අවලංගු කිරීමට එරට අන්තර්වාර රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එරට නිර්මාතෘවරයා ලෙස සැලකෙන මුජිබුර් රහ්මාන් බංග්ලාදේශයට නිදහස ලැබීමෙන් පසු පළමු වරට ජාතිය ඇමතූ මාර්තු 7 වැනිදා, මාර්තු 17 වැනිදාට යෙදී ඇති ඔහුගේ ජන්ම දිනය සහ මුජිබුර් රහ්මාන් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කරනු ලැබූ අගෝස්තු 15 වැනිදාට යෙදී ඇති ජාතික ශෝක දිනය ද අවලංගු කළ ජාතික නිවාඩු දින අතර තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අන්තර්වාර රජය මෙවැනි පියවරක් ගෙන ඇත්තේ මුජිබුර් රහ්මාන්ගේ ශ්‍රේෂ්ඨත්වය බංග්ලාදේශ ඉතිහාසයෙන් ඉවත් කිරීමට බව එරට අවාමි ලීග් පක්ෂයේ සහ මුජ්බුර් රහ්මාන්ගේ දියණිය වන හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ පාක්ෂිකයෝ චෝදනා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.