දේශ­පා­ල­නය මහ­ජන සේව­ය­කට හර­වන්න ආණ්ඩුව මුල­පි­රුවා-ජන­පති බද්දේ­ගම දී කියයි

අපි ඉදි­රි­පත් කරන පිරිස අලුත් වුණාට දේශ­පා­ල­න­යට නව­ක­යන් නම් නොවෙයි 

ජාතික ජන බල­වේ­ග­යට දේශ­පා­ල­නය කියන්නේ මහ­ජන සේව­යක් 

දේශ­පා­ල­නය මහ­ජන සේව­යක් බවට හැර­වී­මට ආණ්ඩුව මුල­පුරා තිබෙන බව ජාතික ජන බල­වේ­ගයේ නායක, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­ප­ති­ව­රයා එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බල­වේ­ගය ඉදිරි මහා මැති­ව­ර­ණය වෙනු­වෙන් සංවි­ධාන කළ ‘රට හදන අපි එකට මාලි­මා­වට’ ගාල්ල, බද්දේ­ගම පැවැති ජන රැලි­යට පෙරේදා (27) සහ­භාගි වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මෙසේද පැව­සීය.

Òමේ මැති­ව­ර­ණයේ දී ජන­තා­වට කියන්න කරුණු නැති වී සිටින අය පරණ කතාම නැවත කියන්න පටන් අර­ගෙන තිබෙ­නවා. අලුත් අයට අත්දැ­කීම් නැති බවත්, පුරුදු අය එවන ලෙසත් ඔවුන් කිය­නවා. මේ කියන පරණ අය හොර­ක­මට පුරුදු, නීතිය මුළු­ම­නින්ම නොස­ලකා කට­යුතු කරන අය බව මේ වන විටත් හෙළි වී තිබෙ­නවා. සාමාන්‍ය අයෙක්ගේ වාහ­න­යක අංක තහ­ඩුව වැටිලා තිබු­ණොත් පාරේ යන්නෙත් ඉතාම කල්ප­නා­වෙන්, සෝදි­සි­යෙන්. නමුත් දේශ­පා­ල­ක­යන් එංග­ල­න්ත­යෙන් හොරෙන් ගෙනැ­විත්, හොර අංක තහ­ඩු­ව­ලින් වාහන දුවපු හැටි හෙළි වෙනවා. ඒ වගේම කෝටි ගණන් වටිනා වාහන නාඳු­නන අය ඇවිත්, මිදු­ල්ව­ලට දමා ගිහින් හමු­වෙ­නවා. ඔවුන් මේ දක්වා වැඩ කළේ නීතිය අදාළ නැති පිරි­සක් හැටි­ය­ටයි. වාහන ලියා­ප­දිංචි කරන්න ඕනෑ ජන­තාව. ඔවුන් අද වේදි­කා­වල කියන පළ­පු­රුද්ද කියන්නේ අන්න ඒ වගේ දේව­ල්ව­ලට. අප­රාධ කර කට්ටි පනින්න, හොර­කම් කර බේරෙන්න, ජන­තා­වට උඩින් ඉන්න අත්දැ­කීම් ඔවුන්ට තිබෙ­නවා. මහ­ජ­න­තා­වට එපා වුණේ මෙන්න මේ වගේ අය හිටපු පාර්ලි­මේ­න්තු­වක්.

පාර්ලි­මේ­න්තු­වට ඇතුළු වන විට සිය­ල්ලම ඉතා හොඳින් පරීක්‍ෂා කර­නවා. නමුත්, හොරෙන් පිහි තල, මිරිස් කුඩු අර­ගෙන යන්න පුළු­වන්. පාර්ලි­මේ­න්තු­වේදී පුටු­ව­ලින් ගහ­ගන්න පුළු­වන්. සභා ගර්භය මැද එකි­නෙ­කාට පහර දෙන්න පුළු­වන්. ජනතා විරෝධී අණ­ප­න­ත්ව­ලට අත උස්සන්න පුළු­වන්. ඔවුන් පුරුදු වී සිටින්නේ මෙන්න මේ වගේ කට­යු­තු­ව­ලට. නීති­යට වඩා ඉහ­ළින් සිටි­මින්, මහ­ජන ධනය කෝටි, ප්‍රකෝටි ගණන් වංචා කර­න්නත් මහ­ජ­න­යාට වඩා වර­ප්‍ර­සාද භුක්ති විඳි­න්නත් ඔවුන් හොඳ පුරු­ද්දක් ලබා­ගෙන සිටි­නවා. ජන­තා­වට දැන් එවැනි පුරුදු තිබෙන පුද්ග­ල­යන් හොඳ­ටම ඇති වෙලයි ඉන්නේ. හිටපු ජනා­ධි­පති අදත් කියලා තිබෙ­නවා, පුරුදු අය පාර්ලි­මේ­න්තු­වට යවන්න කියලා. අපි කියන්නේ, හොඳ අය­ගෙන් පුර­වන්න කියලා.

ජාතික ජන බල­වේ­ග­යෙන් ඉදි­රි­පත් කර සිටින අය පාර්ලි­මේ­න්තු­වට අලුත් අය වුවත්, දේශ­පා­ල­න­යට අලුත් අය නොවෙයි. ඕනෑම වේලා­වක රට විප­තට පත් වන අව­ස්ථා­වක ඒ වෙනු­වෙන් ඉදි­රි­පත් වූ පිරි­සක්. මහ­ජ­න­තා­වගේ ධනය හොර­කම් කිරී­මට විරු­ද්ධව හඬ නැඟූ අය ඉන්නේ. මේ රටේ සම්පත් විකි­ණී­මට එරෙ­හිව ඒවා රැක ගන්න ඕනෑම අව­ස්ථා­වක ඉදි­රි­පත් වූ අය අපට ඉන්නේ. මේ රටේ කොතැ­නක හෝ අසා­ධා­ර­ණ­යක් සිදු වෙනවා නම්, ඊට විරු­ද්ධව දේශ­පා­ල­නය කළ අය ඉන්නේ. ඒ වගේම ගංව­තුර ගැලීම්, සුනාමි වැනි ව්‍යසන හමුවේ ජන­තාව වෙනු­වෙන් උප­රි­ම­යෙන් කැප වුණු අය ඉන්නේ. අපේ අය හොඳින් පුරුදු වී සිටින්නේ හොඳ යහ­පත් වැඩ­ව­ලට. මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පාර්ලි­මේ­න්තුව පුර­වන්න ඕනෑ අලුත් අය­ගෙන්. මාලි­මාව නියෝ­ජ­නය කරන්නේ එවැනි පිරි­සක්.

තරුණ, තරු­ණි­යන් ඇතුළු පුර­වැ­සි­යන්ට තිත්ත වී තිබුණු දේශ­පා­ලන පොර­පි­ටිය ශුද්ධ කරන්න, පාර්ලි­මේ­න්තුව මාලි­මා­වෙන් පුරවා යහ­පත් දේශ­පා­ල­න­යක් ඇති කරන්න ඕනෑ. අපට විරු­ද්ධව කට­යුතු කරන පිරි­ස්ව­ලට දේශ­පා­ල­නය යනු මුදල් ඉපැ­යීමේ මාර්ග­යක්. ජාතික ජන බල­වේ­ග­යට දේශ­පා­ල­නය යනු මහ­ජන සේව­යක්. බිස්නස් එකක් කර­ගෙන තිබෙන දේශ­පා­ල­නය, ක්‍රමා­නු­කූ­ලව මහ­ජන සේව­යක් බවට මහ­ජ­නයා වෙනු­වෙන් ක්‍රියා කරන දේශ­පා­ල­න­යක් බවට අප පත් කර­නවා. අනෙක් පිරිස් බලන්නේ යම් ව්‍යාපෘ­ති­යක් රටට හොඳයි ද කියලා නොවෙයි. ඒ නිසා රටට මේ දක්වා පිරි­සුදු ආයෝ­ජ­ක­යන් ආවේ නැහැ. බෙහෙ­ත්ව­ලින් හොර­කම් කළේ දේශ­පා­ල­නය ව්‍යාපා­ර­යක් කර ගත් අය. බාල පොහොර ගේන්නෙත් දේශ­පා­ලන බිස්නස් එකෙන්. දේශ­පා­ල­නය මහ­ජන සේව­යක් බවට පත් කරන්න ජාතික ජන බල­වේ­ගයේ ආණ්ඩුව මේ වන විටත් මුල­පුරා තිබෙ­නවා.

ජාතික ජන බල­වේ­ගයේ ගාල්ල දිස්ත්‍රික් අපේ­ක්‍ෂක විශ්‍රා­මික මේජර් ජෙන­රාල් පාලිත ප්‍රනාන්දු මහතා-  

පසු­ගිය කාලයේ සිටි දේශ­පා­ල­න­ඥ­යන් ජාතික ජන බල­වේ­ගයේ පිබි­දීම මර්ද­නය කිරී­මට ඔවුන්ගේ මාධ්‍ය බලය භාවිත කර­මින් විවිධ මඩ ප්‍රචාර සමා­ජ­ගත කළා. ජාතික ජන බල­වේ­ගය බල­යට පත් වුව­හොත්, ආර්ථි­කය බිඳ­වැ­ටේවි, ඩොල­රය රුපි­යල් හාර­සි­ය­යට යාවි, කොටස් වෙළෙ­ඳ­පොළ කඩා­වැ­ටේවි, ජාත්‍ය­න්තර සබ­ඳතා බිඳ­වැ­ටේවි, පෝලිම් යුග­යක් ඇති වේවි, කැරැලි කෝලා­හල ඇති වේවි ආදී වැරදි ප්‍රචාර සමා­ජ­ගත කළා. නමුත්, ජාතික ජන බල­වේ­ගයේ සිය­ලුම පිරිස් කොට්ඨාස සභා පිහි­ටු­ව­මින් ජන­තාව හමු­වට යමින් නිවැ­රදි කරුණු සමා­ජ­ගත කළා. ඒ නිසා ජාතික ජන බල­වේ­ගයේ නායක, අනුර කුමාර දිසා­නා­යක මහතා ජනා­ධි­පති ලෙස පත් කර­ගත හැකි වුණා.

ජාතික ජන බල­වේ­ගයේ ගාල්ල දිස්ත්‍රික් අපේ­ක්‍ෂක යාන්ත්‍රික ඉංජි­නේරු සිහ­දූර් රහු­මාන් මහතා- 

දියු­ණුව කරා යා හැකි වන්නේ, ශ්‍රී ලාංකික ජාති­යක් විදි­යට අපි හැමෝම කල්පනා කර කට­යුතු කරන්න පුළු­වන් නම් පම­ණයි. ඒ බව නිවැ­රැ­දිව තේරුම් ගැනීම නිසා ජාතික ජන බල­වේ­ගයේ ගාල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් දෙමළ භාෂාව හසු­රු­වන අපේ­ක්‍ෂ­ක­යෙක් විදි­යට මාව තෝරා­ගෙන තිබෙ­නවා. මින් ඉදි­රි­යට දෙමළ ජන­තා­වගේ අයි­ති­වා­සි­කම් ගැන කතා කරන්න යාප­න­යෙන් විත­රක් නාය­ක­යන් ඕනෑ නැහැ. මුස්ලිම් අය ගැන කතා කරන්න නැඟෙ­න­හි­රින් නාය­ක­යන් ඕනෑ නැහැ. අපි ශ්‍රී ලාංකි­ක­යන් විදි­යට ඉදි­රි­යට යන්න අධි­ෂ්ඨාන කර ගනිමු. මෙප­මණ කල් අපව භේද භින්න කර තබා ගැනීම පිළි­බ­ඳව හොඳින් තේරුම් අර­ගෙන ඉන්නවා. ජාතික සම­ගිය ඇති කළ හැකි එකම පක්‍ෂය ජාතික ජන බල­වේ­ගය පම­ණයි.

‘ජාතික ජන බල­වේ­ගයේ කාන්තාවෝ’ සංවි­ධා­නයේ දිස්ත්‍රික් සභික, ගාල්ල දිස්ත්‍රික් අපේ­ක්‍ෂිකා නීතිඥ හසාරා ගම්පළ ලිය­නගේ- 

මෙප­මණ කල් දේශ­පා­ල­නය සමා­ජයේ එක්තරා පිරි­ස­කට පම­ණක් සීමා වී තිබුණා. තරුණ, තරු­ණි­යන් හැටි­යට අපට මහ­ලොකු හීන තිබුණේ නැහැ. නමුත්, මෑතක් දක්වාම තරුණ, තරු­ණි­යන්ගේ අහිං­සක හීන සිල්ල­රට විකු­ණන්න දේශ­පා­ල­ක­යන් සමත් වුණා. රට රැකියා හීන­යක්, වාහ­න­යක් ගැනීමේ හීන­යක් වගේ දේවල් වෙනු­වෙන් යොදා­ගත් තරුණ පර­පුර දැන් සම්පූ­ර්ණ­යෙන් ම වෙනස් වී ඉන්නවා. අපි වගේ සාමාන්‍ය පවු­ල්වල පුර­වැ­සි­ය­න්ටත් දේශ­පා­ල­නයේ විශාල ඉඩක් නිර්මා­ණය කර දීම නිසා ජාතික ජන බල­වේ­ග­යෙන් ගාල්ල දිස්ත්‍රි­ක්ක­යට ශක්ති­මත් අපේ­ක්‍ෂක කණ්ඩා­ය­මක් තෝරා­ගෙන සිටි­න­වා­යිද පැව­සීය.