මහ­මැ­ති­ව­ර­ණ­යට‍ ඡන්ද මධ්‍ය­ස්ථාන 13,421ක්

ඉදිරි පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යේදී ලියා­ප­දිංචි මුළු ඡන්ද­දා­යක ප්‍රමා­ණය වූ එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හත­ළිස්දහස් තුන්සිය පනස්හතර (1,71,40,354) සඳහා ඡන්ද මධ්‍ය­ස්ථාන 13,421ක් පිහි­ටු­වී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කර තිබේ.

ඒ අනුව වැඩිම ඡන්ද­දා­ය­ක­යන් පිරි­සක් ලියා­ප­දිං­චිවී ඇති ගම්පහ දිස්ත්‍රි­ක්කයේ ඡන්ද­දා­ය­ක­යන් 1,881,129 වෙනු­වෙන් ඡන්ද මධ්‍ය­ස්ථාන 1212 ක් පිහි­ටු­වී­මට නිය­මි­තය. කොළඹ දිස්ත්‍රි­ක්කයේ ඡන්ද­දා­ය­ක­යන් 1,765, 351 දෙනකු වෙනු­වෙන් ඡන්ද මධ්‍ය­ස්ථාන 1,204 ක් පිහි­ටු­වන බව මැති­ව­රණ කොමි­සම පැව­සීය.

කළු­තර දිස්ත්‍රි­ක්කයේ ඡන්ද­දා­ය­ක­යින් 1, 024, 244 දෙනකු වෙනු­වෙන් ඡන්ද මධ්‍ය­ස්ථාන 735 ක් පිහි­ටු­වන බව ද මැති­ව­රණ කොමි­සම සඳ­හන් කළ අතර අඩුම ලියා­ප­දිංචි ඡන්ද­දා­ය­ක­යින් සංඛ්‍යාව, එනම් ඡන්ද දාය­ක­යින් 91, 607 සහිත මන්නා­රම දිස්ත්‍රි­ක්කය සඳහා ඡන්ද මධ්‍ය­ස්ථාන 108ක් පිහි­ටුන බව ද පැව­සීය.

ඒ අනුව මෙවර මැති­ව­ර­ණ­යේදී දිව­යින පුරා ඡන්ද මධ්‍ය­ස්ථාන 13, 421ක් පිහි­ටු­වී­මට මැති­ව­රණ කොමි­සම පිය­වර ගෙන ඇති අතර ක්‍රියා­ත්මක ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන සංඛ්‍යාව 2,034ක් බව ද පැව­සීය.

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය සඳහා ඡන්ද­දා­ය­ක­යින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හත­ළිස් දහස් තුන්සිය පනස් හත­රක් සුදු­සු­කම් ලබා තිබේ.