පිළි­ස­කර වැඩ­ව­ලින් පසු යාල්දේවී මගී දුම්රිය යළි ධාව­නයේ-මහව-අනු­රා­ධ­පුර දුම්රිය මාර්ගයේ නවී­ක­රණ කට­යුතු විදුලි සංඥා පද්ධ­තිත් නවී­ක­ර­ණය වෙයි: 1905න් පසු සම්පූර්ණ අලු­ත්වැ­ඩි­යා­වක්

ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු හේතු­වෙන් මාස 10කට ආසන්න කාල­සී­මා­වක් තාව­කා­ලි­කව නවතා තිබූ කොළඹ කොටුව සිට කන්ක­ස­න්තු­රය දක්වා ගම­න්ගත් යාල්දේවී මගී දුම්රිය, ඊයේ (28) සිට යළි ධාව­න­යට එක්ක­රනු ලැබීය.

දුම්රිය මගී ජන­තා­වට ප්‍රශස්ත,කාර්ය­ක්ෂම සේව­යක් ලබා­දීම අර­මුණු කර­ග­නි­මින්,ශ්‍රී ලංකා දුම්රිය සේවය පුන­රු­ද­යක් කරා ගෙන­යන ගමනේ තවත් එක් පිය­ව­රක් වශ­යෙන් ආරම්භ කළ මහව -අනු­රා­ධ­පුර දුම්රිය මාර්ගයේ නවී­ක­රණ කට­යුතු මේ වන­විට සාර්ථක අන්ද­මින් නිම කර තිබේ. මේ වසරේ ජන­වාරි මස 07දා ආරම්භ කරන ලද මේ නවී­ක­රණ කට­යුතු, ඉන්දීය රජයේ ණය ආධාර මත, ප්‍රවා­හන හා මහා­මාර්ග අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂ­ණය යටතේ, ශ්‍රී ලංකා දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව මගින් සිදු­ක­රනු ලැබීය. දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පව­සන අන්ද­මට, කි.මී. 68 ක්වන මේ මහව -අනු­රා­ධ­පුර දුම්රිය මාර්ගය වසර 119කට පසු, එනම් වර්ෂ 1905 න් පසු මෙවර සම්පූර්ණ අලු­ත්වැ­ඩි­යා­ව­කට ලක්කර තිබේ.

මහව – අනු­රා­ධ­පු­රය අතර වූ මාර්ගයේ පාලම් 12ක් අඩි 40කට අඩු දිග ප්‍රමා­ණයේ පාලම් 25ක් හා බෝක්කු 26ක්ද මේ ව්‍යාපෘ­තිය යටතේ නවී­ක­ර­ණය වී තිබේ. එසේම රන්දෙ­ණි­ගම, අඹ­න්පොළ, ගල්ග­මුව, සෙන­ර­ත්ගම, තඹු­ත්තේ­ගම, තලාව, ශ්‍රාව­ස්ති­පුර යන දුම්රිය ස්ථාන නවී­ක­ර­ණය කර මගී ජන­තාව වෙනු­වෙන් විවේ­කා­ගාර හා යටි­තල පහ­සු­කම් රැසක් ස්ථාප­නය කර තිබේ. සෑම දුම්රිය ස්ථාන­ක­ටම පහ­සු­කම් සහිත නව මගී වේදිකා, ආබා­ධිත මගීන් වෙනු­වෙන් දුම්රිය ස්ථානයේ ගමන් කිරී­මට විශේෂ පහ­සු­කම් ආදිය ද සලසා තිබේ. එසේම විදුලි සංඥා පද්ධති ද නවී­ක­ර­ණය කර ස්ථාපිත කර තිබේ.

කි.මී. 128 ක් දිගැති මහව – ඕමන්ත සම්පූර්ණ දුම්රිය මාර්ග නවී­ක­රණ ව්‍යාපෘ­තියේ අනු­රා­ධ­පුර සිට ඕමන්ත දක්වා වූ මාර්ගය මේ වන විට අව­සන් කර ඇත. නවීන තාක්ෂ­ණික ක්‍රම­වේද  භාවිත කර­මින් ඉදිවූ මේ දුම්රිය මාර්ග ව්‍යාපෘ­ති­යට ඇස්ත­මේ­න්තු­ගත මුදල අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 91කි.

අද උදෑ­සන 5.45 පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථාන­යෙන් ගමන් ඇරඹූ  යාල්දේවි දුම්රිය, නිය­මිත වේග­සීමා යට‌ෙත් සාර්ථක අන්ද­මින් සිය ගම­නා­න්තය කරා ළඟා වී තිබේ. මෙසේ නැව­තත් යාල්දේවි දුම්රිය ධාව­න­යට එක් කිරීම සම්බ­න්ධ­යෙන් දුම්රිය මගීහු සිය සතුට ප්‍රකාශ කර සිටි­යහ.

මේ දුම්රිය ධාව­නය ආරම්භ කිරී­මෙන් පසු දින­පතා උතුරු මංතී­රුවේ දුම්රිය ධාව­නය වන බැවින් ප්‍රවේ­ශ­මෙන් දුම්රිය හරස් මාර්ග භාවිත කරන ලෙස දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.