රවිරාජ් නිවෙසට යළිත් ප්‍රහාරයක්

දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර යාපනය දිස්ත්‍රික්කයට තරගවැදී සිටින සසිකලා රවිරාජ් මහත්මියගේ නිවෙසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට ඇය චාවාකච්චේරි පොලීසියට පැමිණිලි කොට තිබේ.

සසිකලා මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නඩරාජා රවිරාජ් මහතාගේ බිරියය. කාන්තාවක් එක්වරම ඇයට කතා කරමින් නිවෙස තුළට පැමිණි බවත්, ඒත් සමඟම කීප දෙනකු ඇය පසුපසින් නිවෙසට පැමිණි බවත් ඇය පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත. ඒ පැමිණි කාන්තාව විසින් තම නිවෙසේ ජනේවලට මුලින්ම ප්‍රහාර එල්ල කළ බවද ඇය කියා සිටියාය. පැමිණි කාන්තාව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ආධාරකාරියක වග තමා හඳුනාගත් බවද රවිරාජ් මහත්මියගේ පැමිණිල්ලේ සදහන් වේ.

චාවාකච්චේරි පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ. නඩරාජා රවිරාජ් මහතා ඝාතනයට ලක් වීමෙන් පසු සසිකලා මහත්මිය දේශපාලනයට පිවිසි අතර, ඇය පදිංචි නිවෙසට මේ වන විට අවස්ථා තුනකදී වරින් වර ප්‍රහාර එල්ල වී තිබේ.