උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය දක්වා ධාවන කටයුතු යළි ඇරඹෙයි

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද (28) සිට යළි ආරම්භ කර තිබෙනවා.

දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග මාස 10 කට පසු යාල් දේවී හා රජරට රැජින දුම්රිය මෙලෙස යළි ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

යාල්දේවී දුම්රිය කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතරත්, රජරට රැජින දුම්රිය කොටුව හා අනුරාධපුරය අතරත් ධාවනය කෙරෙනු ඇති.