වත්මන් නැඟී එන ආසි­යානු ශූර­යන් ගෙදර ශ්‍රී ලංකා ‘ඒ’ අව­සන් තර­ග­යට

ආසි­යානු ක්‍රිකට් කවු­න්සි­ලය නැඟී එන ක්‍රීඩ­ක­යන් වෙනු­වෙන් සංවි­ධාන කරන නැඟී එන කණ්ඩා­යම් ආසි­යානු කුස­ලාන විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් තර­ගයේ ස්ථාන­යක් වෙන් කර ගැනී­මට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම සමත් විය.

අව­සන් වරට පසු­ගිය වසරේ පැවති තර­ගා­ව­ලියේ ශූර­යන් වූ පාකි­ස්තාන සහීන්ස් (‘ඒ’) කණ්ඩා­යම සමඟ ඊයේ පස්ව­රුවේ ඕමා­නයේ අල් ඇම­රට් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ග­යේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම කඩුලු 7ක ජයක් අත්කර ගත්තේය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් පාකි­ස්තා­නය කඩුලු 9ක් දැවී ලකුණු 135ක් රැස් කළ අතර, එම ඉල­ක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 16.3කදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 3ක් පම­ණක් දැවී තිබි­ය­දීය.

ශ්‍රී ලංකා ඉනි­මට වේග­වත් ආර­ම්භ­යක් දුන් ළහිරු උදාර හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟ පන්දු 20කින් ලකුණු 43ක් රැස් කළ අතර, අහන් වික්‍ර­ම­සිංහ නොදැවී ලකුණු 52ක් රැස් කර­මින් ජය තහ­වුරු කළේය. ළහිරු සමඟ දෙවැනි කඩු­ල්ලට පන්දු 37කින් ලකුණු 64ක සබ­ඳ­තා­වක් ගොඩ­නැඟූ අහන් සිව්වැනි කඩු­ල්ලට සහන් ආර­ච්චිගේ (17) සම­ඟින් ලකුණු 32ක් එක් කළේ පන්දු 31කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහ­ර­කින් සවි­මත් විය.

පාකි­ස්තාන ඉනි­මට සාර්ථක ආර­ම්භ­යක් දුන් ඔමේර් යූසුෆ් පන්දු 46කින් ලකුණු 68ක් රැස් කළේ හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සම­ඟිනි. සෙසු පිති­ක­රු­වන්ට ලකුණු 20 සීමා­වට පිවි­සී­මට ශ්‍රී ලංකා පන්දු යව­න්න­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි.

තර­ගා­ව­ලියේ වැඩිම කඩු­ලු­ලා­භියා වන දුෂාන් හේමන්ත (10) ඊයේ සිය කඩුලු සංඛ්‍යා­වට තවත් කඩුලු 4ක් එක් කර­ගත් අතර, නිපුන් රන්සික සහ ඒෂාන් මාලිංග කඩුලු 2 බැගින් දවා ගත්හ. දුෂාන් පිට පිට දෙවැනි වර­ටත් තර­ගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව මේ තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යට පිවිසි තෙවැනි අව­ස්ථාව මෙය වන අතර, මින් පෙර 2017 සහ 2018 වස­ර­ව­ලදී ශූර­තාව දිනා ගැනී­මට සමත්ව තිබේ. තර­ගා­ව­ලිය ආරම්භ වූ 2013 සහ 2017 අවු­රුදු 23න් පහළ තර­ගා­ව­ලි­යක් ලෙසත්, 2018, 2019 නැඟී එන කණ්ඩා­යම් එක් වූ තර­ගා­ව­ලි­යක් ලෙසත් පැවති මේ තර­ගා­ව­ලිය 2023 වසරේ සිට ආසි­යාවේ ප්‍රධාන රට­වල ‘ඒ’ කණ්ඩා­යම් සහ සෙසු රට­වල් 3ක ජාතික කණ්ඩා­ය­ම්වල සහ­භා­ගි­ත්ව­යෙන් පැවැත්වේ.

දෙවැනි අව­සන් පූර්ව තර­ගය ඊයේ රාත්‍රියේ ඉන්දීය ‘ඒ’ සහ ඇෆ්ග­නි­ස්තාන ‘ඒ’ කණ්ඩා­යම් අතර පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ අතර, එම තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යන් සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩා­යම අතර අව­සන් මහා තර­ගය හෙට (27) මෙරට වේලා­වෙන් රාත්‍රී 7.00ට පැවැත්වේ.

පාකි­ස්තාන සහීන්ස් – 135/9 (ඕවර 20) ඔමේර් යූසුප් 68, හයි­දර් අලි 14 (දුෂාන් හේමන්ත 21/4, නිපුන් රන්සික 21/2, ඒෂාන් මාලිංග 28/2)

ශ්‍රී ලංකා ‘ඒ’ – 137/3 (ඕවර 16.3) අහන් වික්‍ර­ම­සිංහ නොදැවී 52, ළහිරු උදාර 43, සහන් ආර­ච්චිගේ නොදැවී 17