වසර 6කට පෙර නීති විරෝ­ධීව ගෙනා සහල් බහ­ලුම් 53ක්, ආහාර ද්‍රව්‍ය, බෙහෙත් පොහොර තොග තව­මත් රේගුවේ

නීති විරෝධී අයු­රින් මීට වසර 6කට පෙර මෙර­ටට ආන­ය­නය කරන ලද සහල් බහ­ලුම් 53ක් ඇතුළු භාවි­ත­යට ගත නොහැකි විවිධ ආහාර ද්‍රව්‍ය, බෙහෙත් හා පොහොර ආදි ද්‍රව්‍ය බහා­ලුම් විශාල ප්‍රමා­ණ­යක් මේ වන විටත් රේගුවේ රඳ­වා­ගෙන ඇතැයි ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක දැක්වේ.

මෙසේ ආන­ය­නය කර ඇති සහ­ල්වල වටි­නා­කම රුපි­යල් 18,60,58,922ක් වේ. මෙම සහල් බහා­ලුම් 53 මෙර­ටට ගෙන්වා මේ වන විටත් වසර 6ක කාල­යක් ගතව ඇත. මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු තත්ත්වයේ තිබෙන මෙම සහල් තොගය සත්ත්වය ආහාර සඳහා යොදා ගැනී­ම­ටද නොහැකි වී ඇත්තේ පාරි­භෝ­ගික සේවා අධි­කා­රිය මඟින් පළ කරන ලද ගැසට් පත්‍ර­යක් හේතු­වෙන් බව විග­ණ­න­යෙන් හෙළි වී තිබේ.

මීට අම­ත­රව ඉකුත් වසර 12ක කාල­යක් තුළ නීති­වි­රෝ­ධීව ගෙන්වනු ලැබූ­යෙන් පසු ශ්‍රී ලංකා රේගුව අත්අ­ඩං­ගු­වට ගත් වටි­නා­කම තහ­වුරු නොකළ විවිධ ආහාර ද්‍රව්‍ය, බෙහෙත් වර්ග සහ පොහොර ආදිය සහිත බහ­ලුම් 39ක් ද, ඉකුත් වසර 5ක කාල­යක් තුළ රඳවා ගත් විවිධ ද්‍රව්‍ය අඩංගු බහ­ලුම් 448ක් ද, වසර 5ක කාලය තුළ රඳවා ගත් අන්ත­ර්ගත ද්‍රව්‍ය ඇති හෝ නැති බව නොදන්නා බහා­ලුම් 116ක්ද, ඉකුත් වසර 10ක කාල­යක් රඳවා ගත් බහා­ලුම් 38ක්ද වශ­යෙන් බහා­ලුම් 700කට ආසන්න ප්‍රමා­ණ­යක් රේගුවේ රඳවා ඇති බව එම විග­ණන වාර්තාවේ සඳ­හන් වෙයි.