ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට කැනඩාව කැපවෙන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර අගමැති කාර්යාලයේ පසුගියදා (23) පැවැති හමුවේදී මහකොමසාරිස්වරයා කියා සිටියේය. මෙම හමුවේදී දෙරට අතර දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි තහවුරු කෙරුණු අතර විවිධ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය මෙහිදී යොමු විය. ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීම සහ රටේ ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය නගාසිටුවීමේ වැදගත්කම ඇතුළු ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි අවධානය යොමු විය. රටේ සංවර්ධනය සඳහා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවත්, ජාතිය එක්සත් කිරීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්රගතියේ ඇති වැදගත්කම අගමැතිවරිය අවධාරණය කළාය.
අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ අධ්යක්ෂ ජනරාල් එම්. ශෝබිනි කේ. ගුණසේකර මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.