පිළි­කාව රටින් තුරන් කරන්න කැලණි සර­ස­වියේ AIESEC වෙතින් Pink Pulse

ශ්‍රී ලංකා­වෙන් පිළිකා රෝගය තුරන් කිරීමේ අර­මුණ ඇතිව දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ AIESEC සංවි­ධා­නය පිය­වර ගෙන තිබේ. ඒ අනුව එළ­ඹෙන නොවැ­ම්බර් 3 ඉරිදා කොළඹ ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ ඩන්කන් වයිට් ශාලා­වේදී Pink Pulse පිය­යුරු පිළිකා පිළි­බඳ දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හ­නක් ඔවුන් විසින් සංවි­ධා­නය කර ඇත.

වර්ත­මා­නය වන විට ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ඉතා සුල­බව දක්නට අතර අවි­ධි­මත් ආහාර රටාව, අහි­ත­කර රස­කා­රක සහිත ආහාර ගැනීම සහ ව්‍යායාම මදි­කම ප්‍රධාන වශ­යෙන් මේ තත්ත්ව­යට බලපා ඇති බව කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ AIESEC සංවි­ධා­නය පෙන්වා දෙයි. පිය­යුරු පිළිකා මේ අතු­රින් ඉතා සුල­භව දක්නට ලැබෙන පිළිකා වර්ග­යක් වන අතර, කාන්තා­වන් පම­ණක් නොව පුරු­ෂ­යන්ද වර්ත­මා­නය වන විට මේ පිළිකා තත්ත්ව­යෙන් පීඩා විඳින බවද මේ රෝගයේ ව්‍යාප්ති­යට ප්‍රධා­න­තම හේතුව ලෙස සැල­කිය හැක්කේ ජන­තාව මේ පිළි­බඳ දැනු­ව­ත්ක­මක් නැති වීම බවද එම සංවි­ධා­නය කියයි. කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ AIESEC සංවි­ධා­නය මේ ගැට­ලු­වට විස­ඳුම ලෙස හඳු­නා­ගන්නේ මේ පිළිකා තත්ත්වය පිළි­බ­ඳව මහ­ජ­න­තාව දැනු­වත් කිරීම වේ. එම­ඟින් රෝගී තත්ත්වය ආර­ම්භ­යේ­දීම හඳු­නා­ගැ­නී­මට ජන­තාව දැනු­වත් කරන අතර, ඔවුන්ට ඉතා ඉක්ම­නින්ම රෝගි තත්ත්ව­යට ප්‍රති­කාර ගැනී­මට හැකි වේ. AIESEC සංවි­ධා­නය විසින් රට රට­වල් අතර තරුණ තරු­ණි­යන් ස්වේච්ඡා සේව­යට යොමු කරන අතර, මෙවර මේ සිදු කරන මාන­ව­වාදි කට­යු­ත්තට සියලු දෙනා­ටම කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ AIESEC සංවි­ධා­නය ආරා­ධනා කරයි.