ලෝක බැංකු නියෝජිත පිරිසක් හා නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අතර හමුවක් පෙරේදා ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි. මේ සඳහා නැඟෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක හා නැඟෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ.එම්.ඩබ්.ජී. දිසානායක මහත්වරු හා අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීහු මේ සදහා සහභාගි වූහ. ලෝක බැංකු ආධාර යටතේ නැඟෙනහිර පළාතේ අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සහ එහි ප්‍රගතිය හා ප්රතිලාභ පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.