සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණයේ තොර­තුරු සොයා පොලි­සිය හෝට­ලය වට­ලයි

ආර්ජ­න්ටි­නාවේ බුව­නෝර්ස් අයර්ස් නුවර හෝට­ල­යක තුන්වැනි මහ­ලෙන් බිමට වැටී ජීවි­ත­ක්ෂ­යට පත්වූ සුපිරි බට­හිර ගායක ලියැම් පේන්ගේ මර­ණ­යට සම්බන්ධ තොර­තුරු ලබා­ගැ­නී­මට පොලිස් විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් පසු­ගි­යදා එම හෝට­ලය වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බුව­නෝර්ස් අයර්ස් අධි­ක­රණ විනි­සුරු ලෝරා බෘනි­යර්ඩ්ගේ නියෝ­ගය මත එම පොලිස් කණ්ඩා­යම හෝට­ලයේ සෝදිසි මෙහෙ­යු­මක් කර ඇතැයි වාර්තා වේ. එහිදී පරි­ඝ­න­ක­යක් අත්අ­ඩං­ගු­වට ගැනී­ම­ටත්, හෝට­ලයේ සීසී­ටීවී දර්ශන ලබා ගැනී­ම­ටත් පොලිස් නිල­ධා­රීන් පිය­වර ගත් බව ද වාර්තා වේ.

එම හෝට­ලයේ තුන්වැනි මහලේ පිහිටි හෝටල් කාම­රයේ සඳ­ළු­ත­ල­යෙන් බිමට වැටී­මෙන් අභ්‍ය­න්තර හා බාහිර තුවාල සිදු­වී­මෙන් ලියැම් පේන් ජීවි­ත­ක්ෂ­යට පත්වූ අතර, ඔහුගේ මර­ණය සම්බ­න්ධව වැඩි­දුර විම­ර්ශ­න­යක් සිදු විය යුතු බව විනි­සු­රු­ව­රිය තීන්දු කර ඇතැයි ද වාර්තා වේ.