රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරී­මට මුදල් ඇමැති ලෙස මා ගත් තීර­ණය රජය වහා ක්‍රියා­ත්මක කළ යුතුයි-රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝ­ජි­ත­යන් හමුවේ හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ පව­සයි

මුදල් ඇමැති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරී­මට තමා අනු­මත කර­ගත් නීත්‍ය­නු­කූල කැබි­නට් තීර­ණය වහා ක්‍රියා­ත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳ­හන් කළේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති සංගම් නියෝ­ජි­ත­යන් සමඟ කොළඹ මල් පාරේ නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණු කාර්යා­ල­යේදී පසු­ගි­යදා (23) පැවැති විශේෂ සාක­ච්ඡා­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හිටපු ජනා­ධි­ප­ති­ව­රයා:

“රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා අප විසින් ගනු ලැබූ කැබි­නට් තීර­ණය ගැන පැහැ­දිලි කර­නවා නම් ආණ්ඩු­ක්‍රම ව්‍යස්ථාවේ 43 වග­න්තිය යටතේ එම කාර්යය කර තිබෙ­නවා. අප එම වේතන වැඩි වීම සිදු කළේ සියලු රාජ්‍ය සේව­ක­ය­න්ගෙන් ලැබුණු ඉල්ලීම් පිළි­බඳ සලකා බැලී­මෙන් අන­තු­රු­වයි. එම වේතන වැඩි කිරීමේ ඉල්ලීම සාධා­ර­ණයි. 2022 වසර වන විට ජන­තා­වගේ වේත­න­වල වටි­නා­කම 50%කින් අඩු වුණා. ඔවුන් ජීවත් වුණේ අමා­රු­වෙන්. ඔවුන්ට ණය වෙන්න සිදු වුණා. සම­හර අයට දේපළ විකු­ණන්න සිදු වුණා. මා පාල­නය භාර­ගත් මුල් යුගයේ ඔවුන්ට සහ­න­යක් දෙන්න හැකි­යා­වක් තිබුණේ නෑ. මා එය රටට ප්‍රකාශ කළා. සම­හරු විසි දහ­ස­කින් පඩි වැඩි වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.

“2024 වස­රේදී මා රුපි­යල් දස දහ­ස­කින් වේතන වැඩි කළා. ඒත් එය ප්‍රමා­ණ­වත් නැහැ. මුදලේ වටි­නා­කම 50%කින් අඩු වූ විට ජන­තා­වට ප්‍රශ්න ඇති වෙනවා. සම­හර දරු­වන් උදෑ­සන කෑම නොගෙන පාසල් පැමිණි අවස්ථා තිබෙ­නවා. බොහෝ පවු­ල්වල දරු­වන් ටියු­ෂන් පන්ති යෑම නතර කළා. හොඳ හෝ නරක හෝ අද ටියු­ෂන් පන්ති අව­ශ්‍යයි. මේ සමාජ පද්ධති කඩා­වැ­ටෙ­න­වට මා කැමැති වුණේ නැහැ. ඒ අනුව රාජ්‍ය සේවක පඩි වැඩි­වීම සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට මා උදය සෙනෙ­වි­රත්න කමි­ටුව පත් කළා. ඔවුන්ට තීර­ණ­යක් ගැනී­මට මාස තුනක කාල­යක් දුන්නා. එහෙත් කමි­ටුව ඊට පෙර වාර්තාව ලබා දුන්නා. මා කමිටු සභා­පති උදය සෙනෙ­වි­රත්න මහ­තා­ගෙන් ඒ පිළි­බඳ විම­සුවා. මෙය විශාල ප්‍රශ්න­යක් බැවින් ඊට උප­කාර කළ යුතු බව ඔහුත් සඳ­හන් කළා. අදාළ වේතන වැඩි කිරීම සඳහා කොප­මණ මුද­ලක් වැය­වෙ­නවා දැයි මා විම­සුවා. ඔහු කියූ මුදල දෙන්න හැකි­යාව තිබේ­දැයි මා භාණ්ඩා­ගාර ලේක­ම්ගෙන් විමසූ විට ඔහු පැව­සූයේ එත­රම් මුද­ලක් දීමට නොහැකි බවයි. අපගේ අය­වැ­යට මෙත­රම් මුද­ලක් දරා­ගන්න නොහැකි වනු ඇතැ­යිද භාණ්ඩා­ගාර ලේක­ම්ව­රයා දැනුම් දුන්නා. ඒ කාර­ණය උදය සෙනෙ­වි­රත්න මහ­තාට දැනුම් දෙන ලෙස මා පැව­සුවා.

“එමෙන්ම ජනා­ධි­පති ලේක­ම්ව­රයා සමග සාකච්ඡා කොට අදාල පඩි වැඩි­වීම කරන්නේ කෙසේ­දැයි සොයා බලන ලෙසත් මා පැව­සුවා. ඒ පිළි­බ­ඳව සාකච්ඡා කොට එක­ඟ­ත්ව­ය­කට පැමිණ තිබෙන බවත් පඩි වැඩි වීම එක­වර නොදී එක වස­ර­කදී සිය­යට පන­හක් ලබාදී අනෙක් වස­රේදී ඉතිරි පනහ ද ලබා­දී­මට හැකි­යාව තිබෙන බවත් පසුව ඔවුන් මට දැනුම් දුන්නා. ඒ අව­ස්ථා­වේදී මා මගේ ලේකම්ව සිටි සමන් ඒක­නා­යක සමග පළ­මු­වෙන් සාකච්ඡා කළා. එමෙන්ම මගේ ආර්ථික උප­දේ­ශක ආචාර්ය සම­ර­තුංග සම­ඟත් මුදල් අමා­ත්‍යංශ ලේකම් මහින්ද සිරි­ව­ර්ධන සම­ගත් මා සාකච්ඡා කළා. අව­සා­න­යේදී අප මෙලෙස පඩි වැඩීම ලබා­දී­මට එක­ඟ­තා­ව­යට පැමි­ණියා. අපි එකඟ වූ අයු­රින් පඩි වැඩි වීම කළත් මුදලේ වටි­නා­කම අඩු වීමේ අවා­සිය පිය­වී­මට හැකි­යාව ලැබෙන්නේ නැහැ.නමුත් මේ තීර­ණය නිසා යම් සැල­කිය යුතු පම­ණ­කට අස්වැ­සි­ල්ලක් ලැබෙන බව අප දැන­ගෙන සිටියා. ඒ අනුව රාජ්‍ය සේවක වේතන වැඩි කිරීමේ කැබි­නට් පත්‍රි­කාව මා මුදල් ඇමැති ලෙස ඉදි­රි­පත් කළා. ඒ කැබි­නට් පත්‍රි­කා­වට මා අත්සන් කර තිබෙන්නේ ජනා­ධි­ප­ති­ව­රයා හැටි­ය­ටයි. ජනා­ධි­ප­ති­ව­රයා ලෙස අදාළ පත්‍රි­කා­වට අත්සන් කරන විට නැවත මුදල් අමා­ත්‍යාං­ශය ලෙස ලිපි ශීර්ෂ ඉදි­රි­පත් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ජනා­ධි­ප­ති­ව­රයා ලෙස අත්සන් කිරීම නීත්‍යා­නු­කූ­ලයි. ඒ අනුව අදාළ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගෙවිය යුතුයි.

“එමෙන්ම මේ වැටුප් වැඩි වීම දීමේදී මා සලකා බැලූ තවත් කාර­ණ­යක් තිබෙ­නවා. ඒ අපගේ රාජ්‍ය ආදා­යම සිය­යට දොළහේ සිට ලබන වසර වන විට සිය­යට දහ­තු­නක් කිරී­මට අවශ්‍ය බවයි. මා ඒ අනුව මේ වැටුප් වැඩි වීම අනු­මත කර තිබෙ­නවා. අදාළ වේතන වැඩි­වීම ලබා­දී­මට මුදල් තිබෙ­නවා. මුදල් නැතැයි කිය­නවා නම් ඒක පුදුම කතා­වක්. එලෙස පඩි වැඩි කිරී­මට තිබූ මුදල් කොහි­දැයි ආණ්ඩුව විස්තර කළ යුතුයි. මේ පඩි වැඩි වීම කල් දාන්න එපා. මොකද ජන­තා­වට ජීවත් වන්නට හැකි­යා­වක් නැහැ. මාලි­මාව දුන්න පොරොන්දු ඉටු කරන්න බැරි නම් අප දුන්න පොරොන්දු හරි ඉටු කරන්න. දැන් රාජ්‍ය සේව­ක­යන් මේ සටන ඉදි­රි­යට ගෙන යා යුතුව තිබෙ­නවා. මේ සටන දැන් තිබෙන්නේ ඔබේ අතේ. දැන් සජබෙ ගිහින් අනුර දිසා­නා­යක ජනා­ධි­ප­ති­තු­මාට සහාය දෙන බවත් හැප්පෙන්නේ නැති බවත් කියා තිබෙ­නවා. ඉතින් මේ වග­කීම ඔබ භාර­ගෙන ඉදි­රි­යට ගෙන යා යුතුයි.”