සීගි­රිය බලන්න එන විදේ­ශි­කයෝ පිරිස තවත් වැඩි වෙලා-ආර­ක්ෂාව මදි සංචා­රක මඟ පෙන්ව­න්න­න්ගෙන් චෝදනා

විදේ­ශීය සංචා­ර­ක­යන් සම්බ­න්ධ­යෙන් විශේෂ අන­තුරු ඇඟ­වීම් රට­වල් ගණ­නා­වක් විසින් නිකුත් කර තිබුණ ද මෙර­ටට පැමි­ණෙන සංචා­ර­ක­ය­න්ගෙන් සිය­යට 99ක්ම පැමි­ණෙන සීගි­රිය සංචා­රක ප්‍රදේ­ශ­යට පෙරේදා (24) උදෑ­සන වන විටත් කිසිම විශේෂ ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර නැති බව සංචා­රක මඟ පෙන්වන්නෝ පව­සති.

මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ සීගිරි ව්‍යාපෘති කළ­ම­නා­කාර තුසිත හේරත් මහ­තා­ගෙන් පෙරේදා (24) අප කළ විම­සී­ම­කදී හෙතෙම සඳ­හන් කළේ මෙතෙක් තමන්ට කිසිම ආය­ත­න­ය­කින්, ආර­ක්ෂක අංශ­ය­කින් ආර­ක්‍ෂාව තර කරන ආකා­ර­යක් හෝ ආර­ක්ෂා­වක් වැඩි කිරී­මක් ගැන දැනු­වත් කිරී­මක් කර නැති බවයි. මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ ආර­ක්ෂක නිල­ධා­රීන් සහ සීගි­රිය සංචා­රක පොලි­සිය පුරුදු පරිදි ආර­ක්ෂක රාජ­කාරි ක්‍රියා­ත්මක කරන බව හෙතෙම පැව­සීය.

කෙසේ වෙතත් පසු­ගි­යදා විදේ­ශීය රට­වල් රැස­කින් අන­තුරු ඇඟ­වීම් පිළි­බ­ඳව නිවේ­දන නිකුත් කර තිබු­ණද සීගි­රිය නැර­ඹී­මට පෙරේදා (24) උදෑ­සන අති­වි­ශාල විදේ­ශීය සංචා­ර­ක­යන් පිරි­සක් සීගි­රි­යට පැමිණ සිටින අයුරු දැක ගත හැකි විය. මධ්‍යම සංස්කෘ­තික අර­මු­දලේ ආර­ක්ෂක නිල­ධා­රීන් මෙන්ම පිට­තින් පැමිණි විදේ­ශීය කණ්ඩා­යම් රැගෙන එන සංචා­රක ආය­තන නියෝ­ජි­ත­යන්ද කියා සිටියේ සීගි­රි­යට විශේෂ ආර­ක්ෂා­වක් මෙතෙක් ක්‍රියා­ත්මක වනු බවක් දැක ගැනී­මට නොහැකි බවයි.