පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී ඊයේ (25) පස්වරුවේ මාර්ගයට විශාල ගසක් කඩාවැටීමෙන් රථවාහන ධාවනයට බාධා සිදුව ත්‍රිරෝද රථයකටත් අලාභහානි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
මාර්ගය අසල තිබූ මේ විශාල ගස එක්වරම මාර්ගයට කඩාවැටී ඇති බවත් ඒ අසල මාර්ගය අයිනේ නවතා තබා තිබූ ත්‍රිරෝද රථයකටත් මින් අලාභහානි වී ඇතැයි කාර්යාලය සඳහන් කළේය.
මින් කිසිවකුට හෝ අනතුරක් සිදු වී නැත. මාර්ගයට කඩාවැටී ඇති ගස කපා ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනයට ඉඩ කඩ සලසා දීමට කටයුතු සිදු කරන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.