වරකාපොළ, උඩුකුඹුර, නාපේ උස්වත්ත ප්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබුණු ත්‍රිරෝද රථයක රියැදුරු පෙරේදා (24) හදිසියේ රෝගාතුර වී මියයාම හේතුවෙන් එම රථය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් කම්බි වැටක පැටලී නතර වී ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.
මෙලෙස රථය තුළම මියගොස් තිබුණේ කෑගල්ල, තුංතොට, පනාන ඩී 31/2 ලිපිනයේ පදිංචිව සිටි 71 හැවිරිදි කන්දේ හේවායලාගේ චන්ද්‍රරත්න නමැති තිදරු පියෙකි.
මරණකරු අසල්වැසියකු සමඟ කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට ගොස් නැවත නිෙවසට පැමිණෙමින් සිටියදී මෙම සිදුවීම සිදුවී තිබේ. එම අවස්ථාවේදී මරණකරුගේ ඥාතීන් දෙදෙනකු ද ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ සිට ඇති බව පොලිසිය කියයි.
උඩුකුඹුර, නාපේ, උස්වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථයේ රියැදුරාගේ බෙල්ල එකවර කඩා වැටී, රථය මාර්ගයෙන් ඉවතට ගොස් කම්බි වැටක ගැටී නතර වී ඇති බවත්, පසුව ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කරමින් සිටි දෙදෙනා හා අසල්වැසියන් එක්ව රථයේ පෙසකට වැටී සිටි මරණකරු වෙනත් ත්‍රිරෝද රථයකින් වරකාපොළ රෝහලට රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. පසුව වරකාපොළ රෝහලේ බාහිර රෝගී අංශයේ සිටි වෛද්‍යවරයා පරික්ෂා කර බලා රියකරු මියගොස් ඇති බව දන්වා ඇති බව ද පොලිසිය පැවසීය.
මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (25) කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිරංජලා කුලතුංග මහත්මිය සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක එල්. විමලසිරි රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබූ අතර, එහිදී මරණකරු හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවට තීරණය කෙරිණ. වරකාපොළ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේම කුමාර මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් උපාලි ජයසිංහ (48589) විමර්ශන කටයුතු සිදු කළේය.