ආරුගම්බේ සිද්ධියේ සැකකරුවන් තිදෙනාට රැඳවුම් නියෝග ගනියී

ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රහාර සැලසුම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය විසින් රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි

මේ අතර මෙරට සිටින ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට බුද්ධි තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු සංචාරකයින් ගැවසෙන කලාප ආශ්‍රිතව දැඩි ආරක්ෂාවක් සලසා තිබේ.