ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා නෙල්ලිඅඩි පොලීසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු මන්ත්‍රීවරයා මෙවරද යාපනය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන අතර, ඔහු තවත් ආධාරකරුවන් පිරිසක් සමඟ එක්ව නෙල්ලිඅඩි ප්‍රදේශයේ අත්පත්‍රිකා තොගයක් බෙදමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පක්ෂයේ ආධාරකරුවන් පොලීසිය පැමිණෙනු දැක පලා ගොස් ඇති අතර, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හිටපු මන්ත්‍රීවරයා පොලීසිය සමඟ බහින්බස් වීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

නෙල්ලිඅඩි පොලීසිය ප්‍රකාශ කළේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් පසු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.