මහ වැස්සට කර්නා­ටක ප්‍රාන්තයේ ගොඩ­නැ­ඟි­ල්ලක් කඩාවැටී 8ක් මරුට-හිමි­කරු හා ඉංජි­නේරු අත්අ­ඩං­ගු­වට

අධික වර්ෂාව හේතු­වෙන් ඉන්දි­යාවේ කර්නා­ටක ප්‍රාන්තයේ බෙංග­ලූරු නුවර ඉදි කර­මින් තිබූ මහල් 7ක ගොඩ­නැ­ඟි­ල්ලක් කඩා වැටී­මෙන් පුද්ග­ල­යන් 8 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ,ඒ මොහොතේ ගොඩ­නැ­ඟිල්ලේ ඉදි කිරීම් කට­යු­තු­වල නිත­රව සිටි තවත් කම්ක­රු­වන් 21 දෙනකු කඩා වැටුණු ගොඩ­නැ­ඟිල්ලේ සුන්බු­න්වල සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය අඟ­හ­රු­වාදා පස්ව­රුවේ මේ අන­තුර සිදුවී ඇති අතර, සුන්බු­න්ව­ලට යටවූ පිරිස සොයා එදින රාත්‍රිය මුළුල්ලේ මෙහෙ­යුම් කට­යුතු සිදුවූ බව වාර්තා වේ. කම්ක­රු­වන් 13 දෙනකු නිරු­ප­ද්‍රි­තව මුදා ගැනී­මට සමත්වූ බවත්, තුවාල ලැබු තවත් 6 දෙනකු රෝහ­ල්ගත කළ බවත් මෙහෙ­යුම් භාර නිල­ධා­රින් ප්‍රකාශ කර තිබේ.

මහල් 4කින් සම­න්විත ගොඩ­නැ­ඟි­ල්ලක් ඉදි කිරි­මට අව­සර දී තිබි­යදී මහල් 7ක් ඉදි කිරි­මට කට­යුතු කිරීම ගොඩ­නැ­ඟිල්ල කඩා වැටී­මට හේතුව බව බල­ධා­රීන් ප්‍රකාශ කර ඇති අතර, අවි­ධි­මත් ආකා­ර­යෙන් එම ඉදි කිරීම් සිදු කිරීම නිසා මේ වන­විට එම ගොඩ­නැ­ඟිල්ලේ හිමි­කරු සහ ඉදි කිරිම් භාරව සිටි ඉංජි­නේ­රු­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.