ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­ද­ලෙන් පාකි­ස්තා­න­යට අන­තුරු ඇඟ­වී­මක්

විස්තී­රණ අර­මු­දල් පහ­සු­කම් යටතේ ඉදිරි වසර තුන ඇතු­ළත පාකි­ස්තා­නයේ බාහිර මූල්‍ය අව­ශ්‍යතා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 62.6ක් දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍ය­න්තර අර­මු­දල ප්‍රකාශ කර ඇතැයි ද, විදේශ ණය ආපසු ගෙවීමේ හැකි­යාව පිළි­බඳ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල කන­ස්සල්ල පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉදිරි වසර 5ක කාලය තුළ පාකි­ස්තා­නයේ බාහිර මූල්‍ය අව­ශ්‍යතා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 110.5 දක්වා වර්ධ­නය වනු ඇතැයි ද ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල අනා­වැකි පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

වත්මන් මූල්‍ය වර්ෂය සඳහා පාකි­ස්තා­නයේ බාහිර මූල්‍ය අව­ශ්‍යතා ඩොලර් බිලි­යන 18.8ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇතැයි ද, එය වසර 2025-2026 කාල­යේදී ඩොලර් බිලි­යන 20 දක්වා ද, 2026-2027 කාල­යේදී ඩොලර් බිලි­යන 237 දක්වා ද වර්ධ­නය වනු ඇතැයි වැඩි­දු­ර­ටත් වාර්තා වේ.

පාකි­ස්තා­නය සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ඇති එක­ඟ­තාව අනුව ඉදිරි වසර තුනක කාල­යෙන් පසු එම වැඩ­ස­ට­හන අව­සන් වූවද, පාකි­ස්තා­නයේ මූල්‍ය අව­ශ්‍ය­තාව ඉහළ මට්ට­මක පව­තිනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මේ අනුව ඉදි­රි­යේදී පාකි­ස්තා­න­යට සිය විදේ­ශීය ණය බර කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට දැඩි උත්සා­හ­යක නිර­ත­වී­මට සිදු­වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.