ලී ක්වාන් යූගේ බාල පුත්‍ර­යාට බ්‍රිතා­න්‍යයේ සර­ණා­ග­ත­භා­වය

නූතන සිංග­ප්­පූ­රුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ ගේ බාල පුත්‍රයා වන 67 හැවි­රිදි ලී සියෙන් යැං බ්‍රිතා­න්‍යයේ දේශ­පා­ලන සර­ණා­ග­ත­භා­වය ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුට බ්‍රිතාන්‍ය සර­ණා­ග­ත­භා­වය පිරි­නමා ඇත්තේ පවුලේ ආර­වු­ලක් හේතු­වෙන් දැඩි හිංස­න­යට හා පීඩ­න­යට ලක්වීම හේතු­වෙන් බවද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඔහු කාල­යක් පුරා බ්‍රිතා­න්‍යයේ සර­ණා­ග­ත­භා­වය ඉල්ලා සිටි බවත්, බ්‍රිතාන්‍ය රජ­යෙන් ඔහුට වසර පහක කාල­සී­මා­ව­කට සර­ණා­ගත තත්ත්වය පිරි­නමා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වසර 20ක් සිංග­ප්පූ­රුවේ අග­මැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සිය වැඩි­මල් සොහො­යුරු ලී සියෙන් ලූන්ග් ඇතුළු රජ­යෙන් තමාට එම හිංස­න­යට හා පීඩ­න­යට ගොදු­රු­වී­මට සිදුවූ බව ලී සියෙන් යැං ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. කෙසේ වුවද සිංග­ප්පූරු රජය මේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කර ඇති අතර, ලී සියෙන් යැංට නැවත සිංග­ප්පූ­රු­වට පැමිණ ජීව­ත්වී­මට නිද­හස ඇතැයි සිංග­ප්පූරු රජය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

වසර 25ක කාල­යක් සිංග­ප්පූ­රුවේ නිර්මා­තෘ­ව­රයා ලෙස අග­මැ­ති­ධු­රයේ කට­යුතු කළ ලී ක්වාන් යූගේ අවෑ­මෙන් පසු ඔහු පදිං­චිව සිටි නිවෙසේ හිමි­කා­රී­ත්වය සම්බ­න්ධව පවුලේ ආර­වු­ලක් ඇතිවූ අතර, ලී සියෙන් යැං රටින් පිටු­ව­හල් වී ඇත්තේ සිය වැඩි­මල් සොහො­යුරා අග­මැ­ති­ධු­රයේ බල­තල භාවිත කර­මින් ඔහුට හිංසා පීඩා කිරිම හේතු­වෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.