සිම්බාබ්වේ පිලෙන් විස්සයි20 ලෝක වාර්තා

විස්සයි20 ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ කණ්ඩා­ය­මක් ඉනි­ම­කදී ඉහ­ළම ලකුණු රැස් කිරීමේ ලෝක වාර්තාව තමන් සතු කර ගැනී­මට සිම්බාබ්වේ ක්‍රීඩ­කයෝ ඊයේ සමත් වූහ.

විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලි­යට සුදු­සු­කම් ලබා ගැනීම වෙනු­වෙන් පැවැ­ත්වෙන අප්‍රි­කානු උප කලා­පීය සුදු­සු­කම් ලැබීමේ තර­ගා­ව­ලිය යටතේ ඊයේ ගැම්බි­යාව සමඟ පැවති තර­ග­යේදී කඩුලු 4කට ලකුණු 344ක් රැස් කර­මින් සිම්බාබ්වේ පිල මේ වාර්තාව පිහි­ටු­වීය. මින් පෙර එම වාර්තා­වට හිමි­කම් දී නේපාල කණ්ඩා­යම පසු­ගිය වසරේ මොන්ගෝ­ලි­යා­වට එරෙ­හිව කඩුලු 3ක ලකුණු 314ක් රැස් කර තිබිණි.

නයි­රෝබි නුවර පැවති මේ තර­ග­යේදී සිම්බාබ්වේ පිල වෙනු­වෙන් විශිෂ්ට ඉනි­මක් ක්‍රීඩා කළ සික­න්දර් රාසා පන්දු 43කින් නොදැවී ලකුණු 133ක් රැස් කර තිබුණේ හතරේ පහර 7ක් සහ හයේ පහර 15ක් එල්ල කර­මිනි. ඔහුගේ ශත­කය පන්දු 33කදී වාර්තා විය.

පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ගැම්බියා කණ්ඩා­ය­මට ඕවර 14.4කදී සිය­ල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 54ක් පමණි. ඒ සමඟ සිම්බා­බවේ කණ්ඩා­ය­මට තවත් ලෝක වාර්තා­වක් හිමි වූයේ විස්සයි20 තර­ග­ය­කදී කණ්ඩා­ය­මක් ලකුණු පර­ත­රය අනුව වාර්තා කළ ඉහ­ළම ජය­ග්‍ර­හ­ණය ලෙසිනි. සිම්බාබ්වේ ලකුණු 290කින් ජය ගත් අතර, ඉන් පෙර ඉහ­ළම ඉනිමේ ලෝක වාර්තාව පිහි­ටුවූ නේපා­ලය එම තර­ගය ජය ගෙන තිබුණේ ලකුණු 273කිනි.