රට­වල් 7කින් විදේ­ශි­ක­යන්ට දැනු­ම් දෙයි

ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ පිහිටි ජන­ප්‍රිය සංචා­රක ස්ථාන ඉලක්ක කර ගනි­මින් ප්‍රහා­ර­යක් එල්ල වන බවට විශ්ව­ස­නීය තොර­තුරු සමඟ අන­තුරු ඇඟ­වීම් ලැබී ඇතැයි ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මඟින් ඊයේ (23) නිවේ­ද­න­යක් නිකුත් කිරී­මත් සමඟ එම ප්‍රදේ­ශයේ සංචා­රය කිරී­මෙන් වැළකී සිටින ලෙස විදෙස් රට­වල් කිහි­ප­යක් තම පුර­වැ­සි­යන්ට දැනුම් දුන්නේය.

අමෙ­රි­කා­වට අම­ත­රව එක්සත් රාජ­ධා­නිය, රුසි­යාව, නව­සී­ල­න්තය, කැන­ඩාව, ඔස්ට්‍රේ­ලි­යාව යන රට­වල් තම පුර­වැ­සි­යන් වෙත අරු­ගම්බේ ප්‍රදේ­ශයේ සංචා­රය නොක­රන ලෙස උප­දෙස් දී සුළු වේලා­ව­කට පසු ඊශ්‍රා­ය­ලය සිය පුර­වැ­සි­යන්ට දැනුම්දී ඇත්තේ අරු­ගම්බේ වෙරළ කලා­ප­යට අම­ත­රව ශ්‍රී ලංකාවේ දකුණු සහ බස්නා­හිර වෙරළ කලා­ප­ව­ලින් ද ඉවත් වන ලෙසය. එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම දැනුම් දීම කර ඇත්තේ ඊශ්‍රා­යල් ආර­ක්ෂක කවු­න්සි­ලය විසින් බවය.

ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යාල නිවේ­ද­නය සම්බ­න්ධ­යෙන් දැඩි අව­ධා­නය යොමු කරන ලෙස සෙසු රට­වල් තම පුර­වැ­සි­යන් දැනු­වත් කර තිබේ.

තර්ජ­න­යක් එල්ල වී ඇති ආරු­ගම්බේ ප්‍රදේ­ශ­යට නැවත දැනුම් දෙන­තුරු යෑමෙන් වළ­කින ලෙස සිය තානා­පති කාර්යාල නිල­ධා­රීන්ට සහ අමෙ­රි­කානු පුර­වැ­සි­යන්ට කොළඹ පිහිටි අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය සිය දැනුම් දීම මඟින් අන­තුරු අඟවා තිබිණි. එම ප්‍රදේ­ශයේ පිහිටි ජන­ප්‍රිය සංචා­රක ස්ථාන­ව­ලට ප්‍රහා­ර­යක් එල්ල විය හැකි බවට විශ්ව­ස­නීය තොර­තුරු ලැබී ඇති බව පව­සන ශ්‍රී ලංකාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය සංචා­රක උප­දේ­ශ­න­යක් නිකුත් කර­මින් යම් සැක­ක­ට­යුතු දෙයක් දුටු­ව­හොත් 119 හෝ 1997 දුර­ක­තන අංක­ය­ව­ලට දැනුම් දෙන ලෙස ඉල්ලී­මක් කර ඇත.

මේ අතර අව­දා­න­මක් පව­තින එම ප්‍රදේ­ශයේ සංචා­රය කිරී­මෙන් වළ­කින ලෙස එක්සත් රාජ­ධා­නිය සිය සංචා­ර­ක­යන්ට දැනුම් දෙන අතර අවශ්‍ය අව­ස්ථා­වල මෙරට ආර­ක්ෂක අංශ දැනු­වත් කරන ලෙස ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලය ඉල්ලී­මක් කරයි. මේ අතර කොළඹ පිහිටි රුසි­යානු තානා­පති කාර්යා­ලය මඟින් ශ්‍රී ලංකාවේ සිටින රුසි­යානු ජාති­ක­යන්ට විශේෂ දැනුම් දීමක් කර තිබෙන අතර අව­ධා­න­යෙන් සිටින ලෙසත් විශාල ලෙස පිරිස් ගැව­සෙන ස්ථාන­ව­ලට යෑමෙන් වළ­කින ලෙසත් එම­ඟන් රුසි­යානු ජාති­ක­යන්ට දැනුම් දී ඇත.

ආරු­ගම්බේ ප්‍රදේ­ශ­යේදී විදෙස් ජාති­ක­යන්ට ප්‍රහා­ර­යක් එල්ල වීමේ අව­දා­න­මක් ඇති බවට ලැබුණු තොර­තුරු මත ශ්‍රී ලංකා පොලි­සිය නිල නිවේ­ද­න­යක් නිකුත් කර ඇති බව ද X පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් කොළඹ පිහිටි රුසි­යානු තානා­පති කාර්යා­ලය පව­සයි.