ඉන්දීය මහ කොම­සා­රිස් සහ ජන­පති ලේකම් අතර හමු­වක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා පෙරේදා (22) ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික කුමා­නා­යක මහතා හමු විය.

මේ හමු­වේදී උතුරු මුහුදේ දැනට පව­තින ධීවර ගැටලු විස­ඳීම කෙරෙහි විශේෂ අව­ධා­නය යොමු වූ අතර, සහ­යෝ­ගි­තාව වර්ධ­නය කර­ග­නි­මින් දෙරටේ ධීව­ර­යන්ගේ ගැටලු සඳහා දීර්ඝ­කා­ලීන විස­ඳු­මක අව­ශ්‍ය­තාව දෙපා­ර්ශ්වය විසින් අව­ධා­ර­ණය කරනු ලැබීය. එසේම දෙරට මුහුණ දෙන පොදු අභි­යෝග ජය ගැනීම සඳහා ගත හැකි ක්‍රියා­මාර්ග පිළි­බ­ඳ­වද මෙහිදී සාක­ච්ඡා­වට ලක් විය.

තවද ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියා­ත්මක ඉන්දීය ව්‍යාපෘති පිළි­බඳ සමා­ලෝ­ච­න­යක්ද මේ හමු­වේදී සිදු කරන ලදි. ඉන්දීය ණය මඟින් අර­මු­දල් සප­යන ව්‍යාපෘ­ති­වල වත්මන් ප්‍රග­තිය පිළි­බ­ඳව මෙහිදී වැඩි­දු­ර­ටත් කරුණු විමසා බැලූ අතර, නිය­මිත කාල­යට එම ව්‍යාපෘති නිම කිරීම තහ­වුරු කිරීම සඳහා එම කට­යුතු කඩි­නම් කිරීමේ අව­ශ්‍ය­තා­වද සාක­ච්ඡා­වට බඳුන් කෙරිණි.