උතුරු නැඟෙ­න­හිර තරුණ පිරි­ස­ගෙන් රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්න-ටෙලෝ සංවි­ධා­නයේ නායක සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන්

උතුරු නැඟෙ­න­හිර තරුණ තරු­ණි­යන් තුළ සංව­ර්ධන කට­යුතු පිළි­බ­ඳව දැඩි උන­න්දු­වක් ඇති බවත්, ඉතා ඉහළ අධ්‍යා­ප­න­යක් ලබා සිටින එවැනි තරුණ තරු­ණි­ය­න්ගෙන් මේ රටට ඵල­දායී ප්‍රයෝ­ජ­න­යක් ගන්නා ලෙසත් ටෙලෝ සංවි­ධා­නයේ නායක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙ­යි­ක­ල­නා­දන් මහතා පෙරේදා (22) ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් ඉල්ලී­මක් කර තිබේ.

ලිපි­යක් යොමු කර­මින් ටෙලෝ නාය­කයා මෙලෙස ද සඳ­හන් කර තිබේ.

“වසර ගණ­නා­වක යුද්ධය නිසා උතුරු නැඟෙ­න­හිර තරුණ කොට­ස්ව­ලට මේ රටේ සංව­ර්ධන කට­යුතු සඳහා දායක වීමට නොහැකි වුණා. මේ නිසා එම පළා­ත්වල උගත් තරුණ තරු­ණි­යන් තුළ දැඩි මාන­සික කම්ප­න­යක් ඇතිව තිබෙ­නවා. මේ පළාත් දෙකේම රැකියා විර­හිත උපා­ධි­ධා­රීන් සහ ඩිප්ලෝ­මා­ධා­රීන් 9000කට වඩා වැඩි පිරි­සක් සිටි­නවා. වැරදි ආකල්ප සහ ප්‍රති­පත්ති ළඟ තබා­ගෙන මේ ප්‍රදේ­ශ­වල දේශ­පා­ල­නයේ නිරත වන දෙමළ දේශ­පා­ල­න­ඥ­යන් ඔවුන්ගේ දේශ­පා­ලන කට­යුතු සඳහා මේ තරුණ තරු­ණි­යන් එක්ක­ර­ගෙන සිටි­නවා. එහි ප්‍රති­ඵල අනා­ග­ත­යේදී ඉතා භයා­නක විය හැකි නිසා ජනා­ධි­ප­ති­ව­රයා මැදි­හත්වී එම තරුණ තරු­ණි­ය­න්ගෙන් රටේ සංව­ර්ධ­න­යට දාය­ක­ත්ව­යක් ගත යුතුයි.”