හිමිකරුවන් ඉදිරිපත් නොවූ ගුවන් තැපැල් පාර්සල් 07ක අට කෝටියක මත්ද්‍රව්‍ය

කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ (Cargo Village) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවූ, ගුවන් තැපැල් පාර්සල් 07ක් පෙරේදා (21) රාත්‍රී විවෘත කර, පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

මෙම පාර්සල් ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.

දීර්ඝ කාලයක් මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර, ඒවායේ සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 021ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 143ක් සහ මැන්ඩි නමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 338ක් ද තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.