කොටුව සිට මරදාන දෙසට ධාවනය වන දුම්රිය සියල්ල තාවකාලිකව නවතයි

කොටුව දුම්රිය ස්ථානයෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබේ.

ඒ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙනි.

කොටුව සහ මරදාන අතර අවහිරතාව කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය ද ප්‍රමාද වී තිබෙන බවට වාර්තා වේ.

මේ වනවිටත් එහි නඩත්තු කටයුතු අරඹා ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.