ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපාය මාර්ගික කමිටුවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා

ඒ අනුව මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණවලට නායකත්වය ලබාදී නිවැරදි මග පෙන්වීම සිදුකිරීම එම කමිටුව මගින් සිදු කෙරෙනවා

පක්ෂයක් ලෙස වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුහුණ දීම සඳහා අපේක්ෂකයින්ට ශක්තිය සහ මග පෙන්වීම ලබාදීම මෙම උපායමාර්ගික කමිටුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණයි.