කෙන්යාවේ පාර්ලිමේන්තුවේ පැවැති ඓතිහාසික දෝෂාභියෝගයකින් දුෂණ වංචා රැසකට චෝදනා ලබා සිටි කෙන්යාවේ උප ජනාධිපති රිගාටි ගචගුවා නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 59 හැවිරිදි ගචගුවාට එරෙහිව චෝදනා 11ක් එල්ල වී තිබූ අතර, ඉන් 5කට ඔහු වරදකරු බව කරමින් එම දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද ඔහු වරදකරු වී ඇත්තේ එක් චෝදනාවකට පමණක් බව ද වාර්තා වේ. වසර 2000දී සංශෝධිත කෙන්යානු ආණ්ඩුකක්‍රම ව්යාස්ථාවෙන් දෝෂාභියෝගය හඳුන්වා දීමෙන් පසු ධුරයෙන් නෙරපා දැමූ පළමු උප ජනාධිපතිවරයා ඔහු බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේදී දෝෂාභියෝග ඡන්ද විමසීම සිදුවන විට හෘදයාබාධයකට ලක්වී රෝහල්ගත සිටි උප ජනාධිපතිවරයාට එරෙහිව දූෂණය, මුදල් විශුද්ධිකරණය, වාර්ගික ගැටුම් ඇති කිරීම, රාජ්‍ය නිලධාරීන්ට හිරිහැර කිරීම හා විනිසුරුවරයකුට තර්ජනය කිරීම වැනි බරපතළ චෝදනා එල්ල වී තිබිණි.