වසර 2070දී සදා­හ­රිත ලෝක­යක් අර­මුණු කර­මින් මුම්බායි නුව­රදී ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­න­යක්

සංව­ර්ධ­නය වෙමින් පව­තින රට­වල හරිත බල­ශ­ක්තිය ප්‍රව­ර්ධ­නය කිරීමේ අර­මුණ ඇතිව ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­නය ඉන්දි­යාවේ මුම්බායි නුව­රදී නිමා­වට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. දින දෙකක් පුරා පැවැති මේ ප්‍රද­ර්ශ­නය ඊයේ අව­සන් වූ බවත්, ඊට අප්‍රි­කාව, ආසි­යාව සහ ලතින් අමෙ­රි­කාව නියෝ­ජ­නය කර­මින් රට­වල් 37ක නියෝ­ජි­ත­යන් සහ­භාගි වූ බවත් ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉන්දි­යාව සහ සෙසු රට­වල වෙළෙඳ හා ආර්ථික සහ­යෝගිතාව වර්ධ­නය කිරීමේ අව­ස්ථා­වක් ලෙසත් එම වෙළෙඳ ප්‍රද­ර්ශ­නය හඳුන්වා දී තිබේ.

වසර 2070 වන විට කාබන් විමෝ­ච­නය ලෝක­යෙන් තුරන් කිරීමේ තේමාව යටතේ පැවැති ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­නය ලොව පුරා කලාප 30ක වෙළෙඳ හා ආයෝ­ජන අවස්ථා විවර කිරී­මට පිටු­ව­හ­ලක් වී ඇතැයි ද, මේ සඳහා අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 117ක ඇස්ත­මේ­න්තු­ගත අප­න­යන විභ­ව­යන් විවෘත කිරී­මට ඉන්දි­යාව සූදා­න­මින් සිටි බවත් එරට මාධ්‍ය සඳ­හන් කළේය.

හරිත, පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් පැවැති මෙවර ලෝක වෙළෙඳ ප්‍රද­ර්ශ­න­යේදී තිර­ස­ර­භා­වය සඳහා නවෝ­ත්පා­ද­නය තේමාව යටතේ වැඩ­ස­ට­හන් රැසක් පෙළ­ගස්වා තිබූ බවත්, යුරෝ­පය, අප්‍රි­කාව, ආසි­යාව සහ අමෙ­රි­කාව ඇතුළු විවිධ කලා­ප­වල තානා­ප­ති­වරු හා වෙළෙඳ ව්‍යාපා­රි­ක­යන් විශාල පිරි­සක් ඊට එක්වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ.