කායික දුබ­ලතා ඇති පුද්ග­ල­යන්ට ඡන්ද පොළට යන්න-එන්න ප්‍රවා­හන පහ­සු­කම්-මැති­ව­රණ කොමි­සම තීර­ණය කරයි

කායික දුබ­ල­තා­වෙන් යුතු තැනැ­ත්තන්ට විශේෂ ප්‍රවා­හන පහ­සු­කම් සඳහා ඉල්ලුම් කිරීමේ අව­ස්ථාව ලබා­දී­මට මැති­ව­රණ කොමි­සම තීර­ණය කර තිබේ.

ඒ අනුව 1981 අංක 01 දරන පාර්ලි­මේන්තු මැති­ව­රණ පනතේ 83 (4) (ඇ) ඡේදය අනුව, යම් කිසි කායික දුබ­ල­තා­ව­යක් නිසා යම් තැනැ­ත්තෙ­කුට පා ගම­නින් හෝ වෙනත් පොදු ප්‍රවා­හන සේවා­වක් මඟින් ඡන්ද පොළට යෑම සහ ඒම කළ නොහැකි නම්, ඡන්ද පොළට යාම සහ ඒම සඳහා යම් වාහ­න­යක් මඟින් ප්‍රවා­හන පහ­සු­කම් ලබා ගැනීම සඳහා ස්වකීය ඡන්ද වීම­සීම් ප්‍රදේ­ශයේ තේරීම් භාර නිල­ධ­රයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනු­වෙන් අපේ­ක්ෂ­ක­යකු, ස්වාධීන කණ්ඩා­යම් නාය­ක­යකු, බලය ලත් නියෝ­ජි­ත­යකු, ප්‍රාදේ­ශීය නියෝ­ජි­ත­යකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍ර­යක් ඉදි­රි­පත් කළ හැකි බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

මැති­ව­රණ කොමි­සම නිවේ­ද­න­යක් නිකුත් කර­මින් මේ බව කියා සිටියි.

මෙම පහ­සු­කම් සඳහා වූ අය­දු­ම්පත්‍ර, දිස්ත්‍රික් මැති­ව­රණ කාර්යා­ල­යෙන්, ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යෙන්, ග්‍රාම නිල­ධාරි කාර්යා­ල­යෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩ­වි­යෙන් ලබා­ගත හැකි අතර, සම්පූර්ණ කරන ලද අයැ­දු­ම්ප­ත්‍රය ඡන්ද විම­සීම් දින­යට දින හත­කට පෙර, එනම්, 2024 නොවැ­ම්බර් 07 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම් භාර නිල­ධාරි (දිස්ත්‍රික් ලේකම්/ දිසා­පති) හෝ දිස්ත්‍රි­ක්කයේ නියෝජ්‍ය හෝ සහ­කාර මැති­ව­රණ කොම­සා­රිස් (දිස්ත්‍රික් මැති­ව­රණ කාර්යා­ලය) වෙත ඉදි­රි­පත් කළ යුතු බවද එහි දක්වා ඇත.

අයැ­දු­ම්ප­ත්‍රය ඉදි­රි­පත් කරන තැනැත්තා, තමාට පොදු වාහ­න­ය­කින් හෝ පයින් ඡන්ද පොළට යාම් ඊම් කිරී­මට නොහැකි බව තහ­වුරු කර­මින් ලියා­ප­දිංචි වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් (බට­හිර හෝ දේශීය) ලබා­ගත් වෛද්‍ය සහ­ති­ක­යක් මඟින් සිය අය­දු­ම්පත සනාථ කරන්නේ නම්, තීර­ණ­යක් ගැනීමේ දී එය තේරීම් භාර නිල­ධා­රි­යාට මහත් පහ­සු­වක් වනු ඇත. තමා පරීක්ෂා කර බලා සහ­ති­ක­යක් නිකුත් කරන ලෙසට එබඳු තැනැ­ත්තෙ­කුට රජයේ වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන්, ලියා­ප­දිංචි හෝ සහ­කාර වෛද්‍ය වෘත්ති­ක­ය­කු­ගෙන් හෝ ආයු­ර්වේද වෛද්‍ය­ව­ර­ය­කු­ගෙන් ඉල්ලී­මක් කළ හැකි ය. පෞද්ග­ලික වෛද්‍ය­ව­රු­න්ගෙන් (බට­හිර හෝ දේශීය) ලබා­ගන්නා සහ­ති­ක­වල එම වෛද්‍ය­ව­ර­යාගේ නම සහ ලියා­ප­දිංචි කළ අංකය සඳ­හන් කළ යුතු වන බවද එහි දක්වා ඇත.

එමෙන්ම මැති­ව­රණ කොමි­ෂන් සභාව ආබා­ධිත හා දෘශ්‍යා­බා­ධිත පුද්ග­ල­යන් වෙනු­වෙන් නිකුත් කරනු ලබන වසර 10ක් වලංගු තාව­කා­ලික හැඳු­නු­ම්පත් හිමි පුද්ග­ල­යන් වෛද්‍ය සහ­ති­කය ලබා­ගැ­නීම

අවශ්‍ය නොවන බවද එහි වැඩි­දු­ර­ටත් දක්වා ඇත.