නැඟෙ­න­හිර ආණ්ඩු­කාර නැ: නාවික ආඥා­පති රියර් අද්මි­රාල් ඩේමි­යන් හමු­වෙයි

නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කා­ර­ව­රයා සහ ශ්‍රී ලංකා නාවික හමු­දාවේ නැඟෙ­න­හිර නාවික ආඥා­පති, රියර් අද්මි­රාල් ඩේමි­යන් ප්‍රනාන්දු මහතා අතර හමු­වක් පසු­ගි­යදා (16) නැඟෙ­න­හිර පළාත් ආණ්ඩු­කාර කාර්යා­ල­යේදී පැවැ­ත්විණි. නැඟෙ­න­හිර නාවික ආඥා­ප­ති­ව­රයා පළ­මුව නව ආණ්ඩු­කා­ර­ව­රයා වෙත සුබ­පැ­තුම් එක් කර­මින් සුහද කතා­බ­හක නිරත විය. නැඟෙ­න­හිර පළාතේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන­තාව වෙසෙන විශාල වෙර­ළ­බඩ ප්‍රදේ­ශ­යක් ඇති බැවින් පළාතේ නාවික ආර­ක්‍ෂාව සහ ධීව­ර­යන්ගේ ආර­ක්‍ෂාව ගැන මෙහිදී අද­හස් හුව­මාරු විය. මෙහිදී නැඟෙ­න­හිර නාවික ආඥා­ප­ති­ව­රයා විසින් ආණ්ඩු­කා­ර­ව­රයා වෙත සමරු ඵල­ක­යක් ද පිළි­ගැ­න්වීය.