හම්බ­න්තොට නව දිස්ත්‍රික් ලේකම් වැඩ භාර ගනී

හම්බ­න්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කට­යුතු, ග්‍රාමීය සංව­ර්ධන, සංස්කෘ­තික කට­යුතු, සමාජ සුභ­සා­ධන හා පරි­වාස ළමා­ර­ක්ෂක සේවා, කාන්තා කට­යුතු හා ගෘහ ආර්ථික නිවාස ඉදි­කි­රීම, නිවාස හා රැකී­රක්ෂා අමා­ත්‍යාං­ශයේ ලේකම් ලෙස කට­යුතු කරනු ලැබූ ඒ.බී.අයි. ද සිල්වා මහතා ඊයේ (17) පෙර­ව­රුවේ මහ­ස­ඟ­රු­වනේ ආශි­ර්වාද මැද සුබ මොහො­තින් වැඩ භාර ගත්තේය.

හම්බ­න්තොට නව දිස්ත්‍රික් ලේකම් ලෙස වැඩ භාර­ගත් ඒ.බී.අයි. ද සිල්වා මහතා ශ්‍රී ලංකා පරි­පා­ලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිල­ධා­රි­යෙකි. හම්බ­න්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුම­න­සේ­කර මහතා මැති­ව­රණ කොමි­ෂන් සභාවේ ඉල්ලී­ම­කට අනුව පසු­ගිය 15 වැනි දින සිට වහාම ක්‍රියා­ත්මක වන පරිදි අධි­ක­රණ, රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමා­ත්‍යාං­ශය වෙත අනු­යුක්ත කිරී­මෙන් පසු නව දිස්ත්‍රික් ලේක­ම්ව­රයා ලෙස ඒ.බී.අයි. ද සිල්වා මහතා පත් කිරී­මට කැබි­නට් අනු­මැ­තිය හිමිව තිබේ.