හිටපු අමා­ත්‍යාංශ ලේකම් නීල් හපු­හි­න්නගේ අව­සන් කට­යුතු 23 දා ඔස්ට්‍රේ­ලි­යා­වේදී

හදිසි අන­තු­ර­කට ලක් වීමෙන් ඔස්ට්‍රේ­ලි­යා­වේදී පසු­ගි­යදා (14) මිය ගිය හිටපු අමා­ත්‍යංශ ලේක­ම්ව­ර­යකු වන නීල් හපු­හින්න මහ­තාගේ අව­සන් කට­යුතු ලබන 23 බදාදා ප.ව. 2.00ට ඔස්ට්‍රේ­ලි­යා­වේදී සිදු කරන බව ඔහුගේ පවුලේ ඥාතීහු සඳ­හන් කරති.

ඔස්ට්‍රේ­ලි­යාවේ ඇක්ලන් නුවර,‍ 400, ඇල්බන් ක්‍රික් පාර, බ්‍රිජ්මන් ඩවුන්ස් නම් ස්ථාන­යේදී අව­සන් කට­යුතු සිදු කරන බව ඔවුන් දැනුම් දෙන අතර, අව­සන් කට­යු­තු­ව­ලට අදාළ මෙරට වත් පිළි­වෙ­ත්ව­ලට අදා­ළව ලබන 20 දා රාත්‍රී 7.00ට ධර්ම දේශ­නා­මය පින්ක­මක් සහ පසු­දින සංඝ­ගත දක්ෂි­නා­වක් කොළඹ හුනු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­න­යේදී සිදු කරන බවද සඳ­හන් කර ඇත.

රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය ඇතුළු පැවැති ආණ්ඩු කිහි­ප­ය­කම ප්‍රධාන තන­තුරු දරා ඇති නීල් හපු­හින්න මහතා මිය යන විට 61 හැවි­රිදි වියේ පසු විය. රාජ්‍ය සේව­යෙන් විශ්‍රාම ගැනී­මෙන් පසු ඔහු සිය දරු පවුල සමග ඔස්ට්‍රේ­ලි­යාවේ තාව­කා­ලික පදිං­චි­යට ගොස් ඇත. සිය වැඩි­මල් දිය­ණි­යගේ විවාහ උත්ස­වය මෙරට පැවැ­ත්වීම සඳහා පසු­ගිය සැප්තැ­ම්බර් මාසයේ ඔහු අව­සන් වරට මෙර­ටට පැමිණ තිබේ. දිය­ණි­යන් දෙදෙ­නකු පියකු වන හපු­හින්න මහ­තාගේ බිරිය නීති­ඥ­ව­රි­යකි.