ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට සහාය දෙනවා-ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂල්ක් මහතා පැවැසීය.

අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය වෙත දකුණු අප්‍රිකානු රජයේ සුබපැතුම් එක් කරමින් පසුගිය (15) වැනිදා පස්වරුවේ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී අප්‍රිකානු මහකොමසාරිස්වරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කර ගැනීම, මෙරට නිෂ්පාදන අංශය ශක්තිමත් කිරීම, සංචාරක කර්මාන්තය දියුණු කිරීම සහ අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම, කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් මහින්ද ගුණරත්න මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.