ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති වැඩ භාරගනී

ග්‍රාමීය නාගරික සංවර්ධන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජේ.එස්.ඩී.එම්. අසංක අබේවර්ධන මහතා පෙරේදා (16) වැඩභාර ගත්තේය. ඒ මහතා වසර තිහකට වැඩි කාලයක් රාජ්‍ය පරිපාලන සේවයේ සිටි දක්ෂ නිලධාරියෙකි. මෙම අවස්ථාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා ඇතුළු ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.