පොදු රද මඬුලු සවි එස­වී­මෙන් ශ්‍රී ලංකා­වට පද­ක්කම් වැස්සක්

දකුණු අප්‍රි­කාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩ­ලීය සවි එස­වීමේ තර­ගා­ව­ලි­යේදී පද­ක්කම් 24ක් දිනා ගැනී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ සමත් වූහ. මීට රන් පද­ක්කම් 14ක්, රිදී පද­ක්කම් 9ක් සහ ලෝකඩ පද­ක්ක­මක් ඇතු­ළත් විය. දකුණු අප්‍රි­කාවේ සන්සිටි නුවර පැවති මේ තර­ගා­ව­ලි­යට පොදු රාජ්‍ය මණ්ඩ­ල­යට අයත් රට­වල ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 1,000කට අධික සංඛ්‍යා­වක් එක්ව තිබිණි. පද­ක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩා­යම පෙරේදා පස්ව­රුවේ කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළෙන් යළි මෙර­ටට පැමිණි අතර, ඔවුන් පිළි­ගැ­නීම සඳහා ශ්‍රී ලංකා සවි එස­වීමේ සංග­මයේ නිල­ධා­රීන් පිරි­සක් සහ මේ ක්‍රීඩ­ක­යන්ගේ මවු­පි­යන් ඇතුළු පිරි­සක් පැමිණ සිටි­යහ.