ගාසා තීරයේ මානු­ෂීය ආධාර වැඩි කිරී­මට අමෙ­රි­කා­වෙන් ඊශ්‍රා­ය­ල­යට දින 30ක් කල් දෙයි-හමු­දා­මය සහ­යෝ­ගය අත්හි­ටු­වන බව­ටත් අන­තුරු අඟ­වයි

ගාසා තීර­යට මානු­ෂීය ආධාර සැප­යීම ඉහළ නැංවීම සඳහා අමෙ­රි­කාව විසින් ඊශ්‍රා­ය­ල­යට දින 30ක කාල­සී­මා­වක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  එසේ නොවන්නේ නම් අමෙ­රි­කානු හමු­දා­මය සහ­යෝ­ගය තව­දු­ර­ටත් නොලැ­බීමේ අව­දා­න­මක් මතු­වනු ඇතැයි ද අමෙ­රි­කාව විසින් ඊශ්‍රා­ය­ල­යට අන­තුරු අඟ­වනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කාව ලිපි­යක් මඟින් ඊශ්‍රා­ය­ල­යට එම අන­තුරු ඇඟ­වීම සිදු කර ඇත්තේ පසු­ගි­යදා ඊශ්‍රා­යල හමු­දාව උතුරු ගාසා තීරයේ සිදු කළ දරුණු ප්‍රහා­ර­ය­කින් සිවිල් වැසි­යන් විශාල පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වී­මෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අමෙ­රි­කා­වෙන් ලද අන­තුරු ඇඟ­වීමේ ලිපිය පිළි­බඳ මේ වන විට ඊශ්‍රා­යල රජයේ දැඩි අව­ධා­නය යොමු වී ඇති බවත්, එය බර­ප­තළ කරු­ණක් ලෙස සලකා ඉදි­රි­යේදි ඒ පිළි­බඳ අමෙ­රි­කාව සමඟ සාකච්ඡා කිරී­මට නිය­මිත බවත් වාර්තා වේ. සිය හමු­දාව උතුරු ගාසා තීරයේ හමුදා ක්‍රියා­න්විත සිදු කරනු ලබන්නේ හමාස් සංවි­ධා­නය ඉලක්ක කර­මින් බවත්, එම කලා­ප­යට සප­යන මානු­ෂීය ආධාර මුළු­ම­නින්ම අත්හි­ටුවා නැති බවත් ඊශ්‍රා­ය­ලය මීට පෙර නිවේ­ද­නය කර තිබූ බවත් වාර්තා වේ.