නයි­ජී­රි­යාවේ ඉන්ධන ටැංකි­යක් පුපුරා 104ක් මරුට-තවත් 100කට තුවාල

වය­ඹ­දිග නයි­ජී­රි­යාවේ ඉන්ධන ටැංකි­යක් පිපි­රී­මෙන් පුද්ග­ල­යන් 104 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වය­ඹ­දිග නයි­ජී­රි­යාවේ ජිගාවා ප්‍රාන්තයේ අධි­වේගී මාර්ග­යක සිදුවූ එම පිපි­රී­මෙන් තවත් පුද්ග­ල­යන් 100කට වැඩි පිරි­ස­කට තුවාල සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අධි­වේගී මාර්ගයේ වේග­යෙන් ධාව­නය වෙමින් තිබූ එම ඉන්ධන ටැංකිය රැගත් ට්‍රක් රථයේ රියැ­දු­රුට වේගය පාල­නය කර ගැනී­මට නොහැ­කි­වී­මෙන් අන­තුර සිදුවී ඇතැයි ද, ඒ වන­ විට මාර්ගයේ ධාව­නය වෙමින් තිබූ තවත් ට්‍රක් රථ­යක ගැටීම වැළැ­ක්වී­මට රියැ­දුරු උත්සාහ කිරී­මේදී ඉන්ධන ටැංකිය පෙර­ළී­මෙන් පුපුරා ගොස් ගිනි­ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මියගිය සහ තුවාල ලැබූ සියලුදෙනා අන­තු­රින් පසු ටැංකි­යෙන් පිට­තට ගලා ගිය ඉන්ධන එක්රැස් කිරී­මට පැමිණි අවට නිවා­ස­වල පදිං­චි­ක­රු­වන් බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ.